ජූලි 8 එංගලන්තය සහ කොදෙව්වන් ටෙස්ට් පිටිය නැගිට්ටුවයි ද?

Covid 19 වසංගතය අවසන් ද නැද්ද කියන්න ට නොදන්නා මුත් ජූලි 8 සිට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ක්‍රීඩාවට සූදානමින් සිටියි. ඒ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරඟාවලිය සමඟින් වේ.

එංගලන්තය මැයි 29 වෙනිදා ප්‍රකාශයට පත් කල 55 දෙනෙකු ගෙන් සමන්විත සියලු format සඳහා වූ ක්‍රීඩක සංචිතය ට කැඳවීම් අහිමි වූ නම් දරාපු ක්‍රීඩකයන් වූයේ Alex Hales සහ Liam Plunket පමණි . මේ වනවිට එම සංචිතය ටෙස්ට් තරඟ සඳහා උචිත ක්‍රීඩකයන් ලෙස 30 කට අඩු කර ගැනීමට එංගලන්තය සමත් වී ඇත. පසුගිය කාලය තුල එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කල Liam Dawson, Jason Roy සහ Adil Rashid එහිදී කැඳවීම් ලබා නැත. Roy ගෙ අසාර්ථකත්වය මෙන්ම Rashid හා Dawson ට වඩා ප්‍රබල ටෙස්ට් සඳහා වඩාත් උචිත දඟ පන්දු යවන්නන් එහිදී සුදුසුකම් ලබා තිබීම එම තෝරා ගැනිම නිවැරැදි බව සනාථ කරවයි.

මෙහිදී බලාපොරොත්තු වූ ආකාරයට ම Moeen Ali නැවත කැඳවා ඇති අතර ඔහු අවසන් සංචිතය සඳහා ද අවස්ථාව ලැබිය යුතු බව මගේ පෞද්ගලික අදහස වේ. ඒ Moeen Ali නම් වූ අංක 3 පිතිකරුවා නැවත සොයාගැනීමේ අදහස සහිතව යි. නමුත් තව දුරටත් Ali යනු මැද පෙල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස එංගලන්තය දකින බව පෙන්නුම් කරයි. කෙසේ හෝ Ali අවස්ථාව ක් ලද හොත් තවදුරටත් කණ්ඩාය්මේ රැදී සිටීමට නම් තමන් පිතිකරුවකු ලෙස සාර්ථක විය යුතුම බව වටහා ගත යුතුය . මෙම සංචිතය සඳහා Ali ට අමතරව Jack Leach, Dominic Bess යන මෑත කාලීනව එංගලන්තය test කණ්ඩායම නියෝජනය කල පැහැදිලි ව ම Ali ට වඩා ඉදිරියෙන් සිටින දඟ පන්දු යවන්නන් දෙදෙනා ට අමතරව එංගලන්ත දේශීය තරඟාවලි හීදී මෑතකදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ( එංගලන්තය වෙනුවෙන් සීමිත පන්දු වාර තරඟ කිහිපයකට සහභාගි වී ඇති ) Mat Parkinson මෙන්ම අතිශය අක්‍රමණශීලි පන්දු යවන්නෙක් ලෙස හැඳින්වෙන 21 හැවිරිදි Amar Vindi ද සුදුසුකම් ලබා ඇත . එමනිසා කණ්ඩායම තුල පන්දු යවන්නෙක් ලෙස රැඳී සිටීම අතිශය අසීරු බව Ali වටහාගත යුතුය .

ආබාධය සුව වී Rory Burns නැවත පැමිණ ඇති බැවින් ආරම්භ ක පිතිකරුවන් ලෙස Burns සහ Dom Sibley කටයුතු කරනු ඇත . ඒ අනුව Zak Crawley ට අංක 3 ස්තානය සඳහා Joe Denly සමඟ තරඟ වැදීමට සිදුවනු ඇත . නමුත් පලමු තරගයේදී නායක Joe Root තම දෙවැනි දරුවා ගෙ උපත වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම ට ඉඩ ඇති බැවින් Denly හා Crawley යන දෙදෙනා ට ම ක්‍රීඩා කිරීමෙ අවස්ථාව ක් ලැබීමට ඉඩ ඇත . එසේ වුවහොත් Ben Stocks විසින් පලමු ටෙස්ට් තරඟයේදි එංගලන්තය මෙහෙය වනු ඇත . ආරම්භක පිතිකරු Keaton Jennings හා තුන් ඉරියව් ක්‍රීඩක Dan Lawrence සංචිතය ට කැඳවා ඇති නමුත් ඔවුන් ට අවසන් සංචිතය ට සුදුසුකම් ලැබීමට ඇත්තෙ අඩු අවස්ථාව කි.

එංගලන්තය මුහුණ දෙන ඊලඟ තෝරා ගැනීම කඩුලු රකින්නා ගෙ ස්තානය යි. ප්‍රබල ක්‍රීඩකයන් දෙපලක් වන Jonny Bairstow මෙන්ම Jos Butler යන දෙපල ම පසුගිය තරඟාවලි කිහිපයකදී ම සැලකිය යුතු සාර්ථකත්වය ක් නොපෙන්වීම හේතුවෙන් මෙහිදී Ben Foakes නැවත තමන් ට හිමි ස්තානය ලැබිය යුතු බව මගේ අදහසයි. කොදෙව් අවසන් ටෙස්ට් තරඟය හා ඊලඟ අයර්ලන්ත එක්දින තරඟාවලිය හා අතර එක් දිනයක පමණක් විවේකයක් පැවතීම සහ අයර්ලන්ත තරඟාවලිය හා පකිස්තානු ටෙස්ට් තරඟාවලිය අතර එක් දිනයක පමණක් විවේකයක් පැවතීම මෙම තීරණය තීව්‍ර කිරීමට ඉඩ ඇත . Butler සහ Bairstow දෙදෙනා ම සීමිත පන්දු වාර තරඟ වලදී එංගලන්ත ට අත්‍යවශ්‍ය ම ක්‍රීඩකයන් වීම එයට හේතුවයි. නමුත් Bairstow තමන් ගෙ කඩුලු රැකීමේ අත් ආවරණ ටෙස්ට් තරඟයකදී පවා ගැලවීමට සූදානම් නැති බව පසුගිය දින වලදී සිදුකළ ප්‍රකාශන වලින් පෙනෙන්නට තිබෙයි . නමුත් එංගලන්තය නැවත ක්‍රීඩා මාදිලි තුන සඳහා වෙන වෙනම කණ්ඩායම් ගොඩනැගීමෙ අරමුණකින් සිටින බැවින් බොහෝවිට ටෙස්ට් කඩුළු රකින්නා ගෙ කාර්යය Foakes ට බාරදීමට ඉඩ ඇත .Butler , Bairstow , Foakes තිදෙනා ට අමතරව James Bracely ද කඩුළු රකින්නෙකු ලෙස සංචිතය ට කැඳවා ඇත. එමෙන්ම මේ වනවිට එංගලන්ත ටෙස්ට් කණ්ඩාය්මේ නිශ්චිත ස්තානය ක් හිමිකරගෙන සිටින Oilly Pope ට ද කඩුළු රැකීම බාරගත හැකි බව අමතක නොකල යුතුය .

මේ වනවිට එංගලන්තය වේග පන්දු යවන්නන් ගෙ උපරිම ය කට පැමිණ සිටියි. James Anderson , Stuart Broad යන අද්විතීය වේග පන්දු සුසංයෝග ය ට , Jofra Archer හා Mark Wood ගෙ පැයට කිලෝමීටර් 150 ට කිට්ටු පන්දු යැව්ම් එකතු වූ කල එය පිතිකරුවන් ගෙ නරක හීනයක් වීම වැළැක්විය නොහැක . එවැනි ම වූ වේගයක් හිමි Jammie Overton, Olly Stone , Ollie Robinson ට අමතරව දිගින් දිගටම එංගලන්ත කන්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින Saqib Mahamood ද තුන් ඉරියව් ක්‍රීඩකයන් වන Chris Woakes, Sam Curran , Jamie ගෙ නිවුන් සොයුරු Craig Overton , හා Lewis Gregory ද වේග පන්දු යැවීම ශක්තිමත් කිරීමට සංචිතය ට කැඳවා ඇත .නමුත් ප්‍රදාන වේග පන්දු යවන්නන් සිව් දෙනාට අමතරව අවසන් සංචිතය ට ඇතුලත් වීමෙ යම් අවස්ථාව ක් පවතින්නේ මේ අතරින් Woakes , Curran හා Stone ට පමණි. ඒ අනුව එංගලන්ත අවසන් සංචිතය පහත පරිදි වනු ඇත .

Joe Root
Ben Stockes
Rory Burns
Dom Sibley
Joe Denly
Zak Crawley
Ollie Pope
Ben Foakes
Chris Woakes / Sam Curran / Moeen Ali
Stuart Broad
Jack Leach / Dominic Bess
James Anderson
Jofra Archer
Mark

ගෞරවාන්විත ව පිලිගැනීම

එංගලන්තයේ තත්ත්වය එසේ තිබියදී කොදෙව්වන් එංගලන්තය ට ගොඩ බසින්නෙ ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත ප්‍රදාන සංච්තයක් හා අතිරේක ක්‍රීඩකයන් 11 සහිත දැවැන්ත කණ්ඩායම ක් ලෙසටය. එහිදී Darren Bravo , Shimron Hetmyer හා Keemo Paul යන ප්‍රදාන ක්‍රීඩකයන් තුන් දෙනෙකු වසංගත තත්ත්වය හේතුවෙන් එංගලන්තය ට යෑම ප්‍රතික්ෂේප කිරීමද එය කොදෙව් පාලක මණ්ඩලය ගෞරවාන්විත ව පිලිගැනීම ද සුවිශේෂී වේ.
මොවුන් තිදෙනා ගෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක Bravo දිගින් දිගටම අසාර්ථක වූ, අවසන් ඇෆ්ගනිස්තානු ටෙස්ට් තරඟාවලිය සඳහා ද ඇතුලත් නොකල ක්‍රීඩකයකු වුවද , ඉතා ඉහළ විභවයක් සහිත අති දක්ශ ක්‍රීඩකයකු වන ඔහුට මෙම සංචාරය සඳහා කැඳවීමක් ලැබීමට වැඩි අවස්ථාව ක් තිබූ අතර එංගලන්තයේ අසීරු තණතීරු මත ඔහුගෙ අත් දැකීම් කොදෙව්වන් ට ඉතා විශාල අස්වැසිල්ලක් වීමට ඉඩ තිබුණි . එමෙන්ම කොදෙව් අනාගතය මුලුමනින්ම පාහෙ දරාගැනීමට නියමිත අද්විතීය පිතුකරුවකු වන Hetmyer ද පසුගිය test තරඟ වලදී සැලකිය යුතු සාර්ථකත්වය ක් දක්වා නොමැති නමුත් ඔහු ගෙ සේවය ද කොදෙව්වන් ට අත්‍යාවශ්‍ය ම වූ මොහොත ක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය . Keemo Paul මෑත කාලීනව කොදෙව්වන් හඳුනා ගත් තවත් අනර්ඝ සොයා ගැනීමක් වන නමුත් ඔහුට test කණ්ඩායමේ ස්තානය ක් දිනාගැනීම මේ මොහොතේ දි අසීරු ය. නමුත් 25 සංචිතය ට ඇතුලත් නොවීම ට හේතුවක් නොමැත .

2017 දී 2-1 ලෙස එංගලන්තයේ දී පරාජය වූ කොදෙව්වන් නැවත 2018 දී 2-1 ලෙස කොදෙව් දේශයේ දී තරඟාවලිය ජයගැනීමට සමත් විය. මෙවර කොදෙව්වන් එංගලන්තය ට පැමිණෙන්නේ එම ශූරතාවය රැක ගැනීමේ එකම අරමුණ පෙරදැරිව වේ. මෙහිදී එංගලන්තය සමඟ තරඟ කිරීමට පෙර තමන් ගෙ ක්‍රීඩකයන් 25 අතර තුන් දින හා සිව්දින පුහුණු තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට කොදෙව්වන් නියමිත අතර මේ වනවිට එයින් පලමු තුන් දින තරඟ ය අවසන් වී ඇත .

කොදෙව්වන්ගේ අනාගතය Alzzari සහ Chemar

කොදෙව්වන් ගෙ ප්‍රදානතම වේග පන්දු තුරුම්පුවක් වන Shannon Gabriel මේ වනවිටත් ඇතුලත් ව සිටින්නේ ප්‍රදාන සංචිතය ට නොව අතිරේක ක්‍රීඩකයන් 11 දෙනාට වේ, එයට හේතුව ඔහු මේ තරඟාවලිය ට පිවිසෙන්නේ ආබාධයක්ට ලක්වී සැලකිය යුතු කාලයක් ක්‍රීඩා නොකර සිටීමෙන් පසු වීමයි. නමුත් පලමු පුහුණු තරඟයේ ක්‍රීඩා කල විලාශය අනුව ඔහු ප්‍රදාන සංචිතය ඇතුලත් වනු ඇති බව පුහුණුකරු Phill Simmons මේ වන විටද ප්‍රකාශ කර ඇත .
කොදෙව්වන් සතු ප්‍රබලතම අවිය වේග පන්දුව බව පැහැදිලි ය. Kemar Roach පෙරටු කොටගත් කොදෙව් වේග පන්දු බල ඇණිය Gabriel , නායක Jason Holder ගෙන් හා නවක ක්‍රීඩක Alzzari Joseph ගෙන් සමන්විත වීම දිගින් දිගටම නිරීක්ෂණය විය. මේ වනවිට නවක ක්‍රීඩකයන් වන Chemar Holder සහ Oshane Thomas(අතිරේක ක්‍රීඩකයකු ලෙස) ද මෙම වේග පන්දු බලකාය ට ඇතුලත් ව සිටියි. 2000 වසරේ පමණ සිට අඛණ්ඩව කොදෙව් කණ්ඩායම අනවරත ව විවේචනය කල අති ප්‍රබල වේග පන්දු යවන්නෙක් වූ Andy Roberts පවා මෙම වේග පන්දු බලකාය පිලිබඳ ව ප්‍රශංසා මුඛයෙන් කතා කරනු පසු ගිය දින කිහිපයේදි දැකිය හැකි විය. ඔහුට අනුව පලමුව ම සිදුකල යුතු කරුණ වන්නේ ඉතා වේගයෙන් අධික ඉල්පීමක් සහිතව පන්දු යවන Thomas ව කණ්ඩායම ට ඇතුලත් කරගැනීමයි. එමෙන්ම Alzzari සහ Chemar යනු කොදෙව්වන් ගෙ අනාගතයයි. ඔවුන් දෙදෙනාම ඉතා ඉහළ වේගයකින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයන් උවත් සෑම පන්දුවක් ම එලෙස වේගයෙන් යොමු කිරීමට උත්සාහ නොකිරීම Roberts ගෙ ඇගැයීමට ලක් වී ඇත . ප්‍රදාන සංචිතයේ සිටින තවත් මඳ වේග පන්දු යවන්නෙක් වන Raymon Reifer පුහුණු තරඟයේදි කඩුලු 5 ක් දවා ගැනීම තෝරා ගැනීම් තවත් සංකීර්ණ කිරීම ට හේතුවනු ඇත .

මෙය 80 දශකයෙන් පසු කොදෙව්වන් සතු වූ ප්‍රබලතම වේග පන්දු බලකාය බව සහාය පුහුණුකරු Roddy Estwick ප්‍රකාශ කරන්නේ ඉහත නම් සඳහන් කල වේග පන්දු යවන්නන් ට අමතරව අතිරේක ලැයිස්තුවේ සිටින Anderson Phillip, Keon Harding මෙන්ම කොදෙව් දේශයේ සිටින Keemo Paul , Dominic Drakes හා Oden Smith ද සිහි කරමිනි. එමනිසා තමන් ට Jofra Archer අහිමි වුවද එය එතරම් ගැටලුවක් නොමැති බව ප්‍රකාශ කරමිනි.

Shai Hope සහ Kraig Brathwaitte 2017 න් පසු test ශතක නෑ

කෙසේ වුවත් කොදෙව්වන් ගෙ මූලික අර්බුද මතුවන්නේ පිතිකරනයේදි වෙයි. මෑත කාලීනව කෙටි පන්දු හමුවේ අතිශයින් දුර්වල ක්‍රීඩා ව්ලාශයක් පෙන්නුම් කල කොදෙව් තරුණ පිතිකරුවන් Anderson , Broad , Archer හා Wood අබියස අසාර්ථක වීමට වැඩි අවස්ථාව ක් ඇත . 2017 දී එංගලන්තයේ දී එංගලන්තය පරදවා ලැබූ ඓතිහාසික ජයග්‍රහණයේ (වසර 17 කට පසු) පුරෝගාමීන් වූ Shai Hope සහ Kraig Brathwaitte එතැන් සිට අද වනතුරුත් test ශතකයක් වාර්තා කිරීමට සමත් වී නැති අතර ඔවුන් ගෙ පිතිකරන සාමාන්‍යයන් ඉතා දුර්වල වේ( Hope එක්දින තරඟ වලදී අතිශයින් සාර්ථක වීම පටලවා නොගන්න). නමුත් කොදෙව්වන් මෙම තරඟාවලියේ ජයග්‍රහණය ක් බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් දෙදෙනාමටම ස්වකීය විභවයන් ට අනුව ක්‍රීඩා කිරිම අනිවාර්යය වේ.

එංගලන්තය ඉදිරියෙන්

මෑත කාලීනව මුල් පෙල අසාර්ථක වීමත් සමඟ මැද පෙල ශක්තිමත් කිරීම මෙන්ම පසුපෙළ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීම සිදුකරනු ලැබූවේ Roastan Chase , Shane Dowrich හා නායක Holder විසිනි නමුත් ඔවුන් ද එංගලන්තය තුල දී සැලකිය යුතු සාර්ථකත්වය ක් දක්වා නොමැත . එය එසේ වුවද මොවුන් පරිනත වීම 2017 එංගලන්ත සංචාරයෙන් පසුව සිදුවූ බැවින් යම් බලාපොරොත්තුවක් තැබිය හැකි වේ. Dowrich මෙන්ම Chase ද අඩු තරමින් එක් ශතකයක් හෝ මෙම තරඟාවලියෙදි රැස් කලයුතු බවට මේ වනවිටත් ප්‍රකාශ කර ඇති වීම සතුටුදායක කරුණු වේ. එමෙන්ම Shamarh Brooks, John Campbell මෙන්ම නැවත කැඳවූ Jeramine Blackwood තමන්ගේ ස්තානය ආරක්ෂා කරගැනීමට කටයුතු කල යුතුව ඇත .

කොදෙව් දඟ පන්දු යැවීම මුලුමනින්ම Rahkeem Cornwell ට බාර දී ඇති අතර ඔහුගේ සහයට Chase සිටිනු ඇත . කෙසේ වුවත් එංගලන්තය කොදෙව්වන් ට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව හොඳටම පැහැදිලි ය. නමුත් කොදෙව්වන් සැලකිය යුතු තරඟයක් දෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක.
-චරිත දිසානායක

Leave A Reply

Your email address will not be published.

6 + 19 =