‘‘කොරෝනා කාලේ සුව විරු ආලේ දීමනා කපනා ආණ්ඩුවේ ලීලේ‘‘

සුව විරු උපහාර එපා, තරු හෝටල් සැප එපා, තමන්ට හිමි දීමනා පමණක් දෙන්න, යනුවෙන් මාතලේ දිස්ත‍්‍රික් මූලි රෝහලේ හෙද හෙදියන් අද දින එම රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිනි. අවදානම නොතකා සේවයේ යෙදුනු රෝහල් සේවකයින්ට ආණ්ඩුව සලකන්නේ මෙලෙසද යනුවෙන් පවසමින් ‘‘කොරෝනා කාලේ සුව විරු ආලේ දීමනා කපනා ආණ්ඩුවේ ලීලේ‘‘, ‘‘සුව විරු උපහාරය යනු තිබුනු වැටුපත් කැපීමද’’ යනුවෙන් පවසමින් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නියැලිනි.
එහිදී ප‍්‍රධාන ඉල්ලීම් ලෙස
කොරෝනා වසංගතය හේතුවෙන් සාමාන්‍ය රාජකාරියේ සේවයේ යෙදී සිටි හෙද හෙදියන් කොටස් වශයෙන් සක‍්‍රීය සේවයේ යෙදවීමේදී ඔවුන්ට අදාල ගෙවීම් කරන ලෙස නිකුත් කරන ලද චක‍්‍රලේඛ නොසලකා හැරීම,
හෙද හෙදියන්ට හිමි දීමනා බලහත්කාරී ලෙස කප්පාදු කරමින් ඔවුන්ට නොගෙවීම
දැඩි හෙද හිගය හේතුවෙන් හෙද හෙදියන්ගේ කැමැත්ත මත ඉල්ලන ලද විශේෂ නිවාඩුව ලබා නොදීම,
ආයතන මට්ටමින් හෙද හෙදියන් මුහුණ දී ඇති දුෂ්කරතාවයන් සඳහා විසඳුම් ලබා නොදීම,
ආදී ඉල්ලීම් මූලික කරගෙන මෙම විරෝධතාවය පැවැත්විණි. මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව මාතලේ දිස්ත‍්‍රික් හෙද සහෝදරත්වය වෙනුවෙන් හෙද නිලධාරී රවීන්‍ද්‍ර කහඳව ආරච්චි පිරිස අමතමින් කතා කළේය.

Leave A Reply

Your email address will not be published.

five × 1 =