‘දුම්රිය සේවකයෝ වෘත්තීය ක්‍රියා මාර්ගයකට සුදානම්’

දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය දේශිය සහ විදේශිය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන්නට දුම්රිය සේවකයෝ තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව් ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ පවසයි.

ඉන්දික දොඩම්ගොඩ පවසන්නේ දුම්රිය සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ප්‍රමුඛ පෙලේ දුරකථන පෞද්ගලික සමාගමකට දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති එහි ගිවිසුම් අස්සන් කිරීම ඉකුත් 26 වැනිදාට යොදාගෙන තිබිණි. එහෙත් වෘත්තිය සමිතිවල විරෝධතාව හේතුවෙන් එය කල්දැමුණු බව එම සංගමය පවසයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම චීන සමාගමකට ලබා දීමට සැළසුම් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

මෙම ව්‍යාපෘති පසුගිය රජය සමයේ සැළසුම් කර තිබු ඒවා වන අතර එම ව්‍යාපෘති වත්මන් රජය බලයට ආ වහාම අහෝසි කරන බව කීවත් එසේ වන්නේ නැත.

තාක්ෂණය දියුණු වර්තමානයේ සන්නිවේදනය දියුණු කිරීම හා ප්‍රවේශපත් නිකුත්කිරීම වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවද පෞද්ගලික සමාගම්වලට ඒවා දියයුතු නැතැයි ද එම සංගමය පවසයි.

මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වනවිටත් සන්නිවේදන පද්ධතිය දේශිය සමාගමකට ලබා දී ඇති බව සැබෑ යැයි පැවසූ සමරසිංහ මහතා ප්‍රවේශපත්‍ර පිළිබඳ ව්‍යාපෘතිය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කියාසිටියේය.

Leave A Reply

Your email address will not be published.

7 − five =