MCC ක්‍රියාත්මක කරන්න, රක්ෂිත රකින චක්‍රලේඛය අහෝසියි !

 

ආන්දෝලනාත්මක ඇමරිකානු MCC – Millennium Challenge Corporation ගිවිසුම සහ අනෙකුත් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව, ආයෝජකයන්ට ඉඩම් පැවරීමේදී ඇති වන ගැටළු නිරාකරණය සඳහා වන, සංරක්ෂණ දෙපාර්තමේන්තු රක්ෂිතවල ආරක්ෂාවට නිකුත් කර තිබූ 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මෙරට සමස්ත වන ආවරණය වන සියයට 17 න්, වැඩි කොටසක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී තිබුණේ මෙම චක්‍රලේඛය නිසා ය. වන සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවට අයත් හුදෙකලා වන රක්ෂිතවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් වනාන්තර වැස්ම ඒකිනෙකට සම්බන්ධ කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කරන ලදි. චක්‍රලේඛයට අනුව ඒතෙක් ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් යටතේ තිබූ තෝරාගත් රජයේ කැලෑ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිණි. ඒ් අනුව විධිමත් පරිසර ඇගයීමේ වාර්තාවලින් තොරව ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබාදීම වැළකිණි.

2001 අගෝස්තු 10 දින ඒවකට වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් ඒන්.පද්මනාදන්ගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබූ අතර, 1998 ජූලි 01 දිනැති 05/98 අංක දරන රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය පිළිබඳ චක්‍රලේඛය ඒමගින් අහෝසි කරන ලදි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ඒකගතාව ඇතිව නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මගින් වනාන්තර වල ආරක්ෂාවට ගත් වැදගත්ම පියවර වන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට තනි කැමැත්ත මත ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමේ බලය අවලංගු කර, ඒය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මගින් ඒම අමාත්‍යංශයේ අන්තර් අමාත්‍යංශ කමිටුවට ලබාදීමයි. ඒම කමිටුවට වන සම්පත්, ඉඩම් සහ වනජීවී යන විෂයයන්ට අදාළ අමාත්‍යංශ සහ රජයේ ආයතන සියල්ලේ නියෝජිතයන් ඇතුළත් විය.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර බුත්තල ප්‍රදේශයේ අක්කර 6,400 ක් පෞද්ගලික සමාගමකට කෙසෙල් වගාව සඳහා ලබා දී තිබූ අතර, මේ හේතුවෙන් ඒම ප්‍රදේශයේ බරපතළ පාරිසරික ගැටළු රැසක් මතු වී තිබිණි. ජල පෝෂක විනාහ වීම, අලි-ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා අලි – ඇතුන් ගම් වැදීම ඒ් අතර ප්‍රධාන විය. චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු ඒම ඉඩම් නැවත ලබාගැනීමට අවශ්‍ය නීතිමය පියවර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගත්තද, දේශපාලන මැදිහත්වීම් නිසා ඒය මෙතෙක් සාර්ථක වී නැත. මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීම නිසා මාගම්පුර වරාය ආශ්‍රිතව අක්කර 15,000 ක කැලෑ ඉඩම් කර්මාන්ත පුරයක් සඳහා චීනයට ලබාදීම ද මෙතෙක් වැළකී තිබිණි. පසුගිය ආණ්ඩුව හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් භූමියෙන් කොටසක් ඊට ලබාදීඹට උත්සාහ කළද, වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය මගින් මෙම චක්‍රලේඛයට ලැබී තිබූ රැකවරණය නිසා ඒය කරගැනීමට නොහැකි විය.

ආණ්ඩුවේ ප්‍රධානීන්, පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මෙම ආයෝජන ව්‍යාපෘති සඳහා බාධා වන පරිසර නීතිවලට අදාළ සංශෝධන කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ය. ඒහි මුල් පියවර ලෙස මෙම චක්‍රලේඛය මුළුමනින්ම අහෝසි කිරීමට අදාළ කෙටුම්පත් මේ වනවිට අමාත්‍යංශය මගින් සකස් කර තිබේ. ඒ් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති අදාළ ඉඩම් ව්‍යාපෘති සඳහා පැවරීමේ බලය නැවත ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ ජෛව විවිධත්වයේ පැවැත්මට මෙන්ම ජල පෝෂකවල පැවැත්මටද මෙම තීරණය බරපතළ ලෙස බලපාන බවයි. කෘෂි කර්මාන්තය පදනම් කරගත් රටක් වන ලංකාවට, ජල පෝෂකවල ඇති වැදගත්කම පෙන්වා දුන් ඔහු, මෙම චක්‍රලේඛය අහෝසි කොට හිතුමතේ ඉඩම් ලබාදීමේ ක්‍රියාවලියක් සිදුවුවහොත් මෙරට කෘෂිකර්මාන්තයේ කඩාවැටීමට ඒය සෘජුව බලපාන බව ද සඳහන් කළේය. ඒම නිසා මෙම අත්තනෝමතික තීරණය වළක්වා ගැනීමට පරිසරවේදීන් සහ නීති අංශ සමග ඒක්ව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.

4 × three =