“නෝර්වේ යන තෙක් ආරක්ෂාව දෙන්න”

- මාධ්‍යවේදියා ජනපතිගෙන් ඉල්ලයි !

තමන්ට බරපතළ ජිවිත තර්ජන එල්ල වී ඇති නිසා, සිය රටට යනතෙක් ආරක්ෂාව ලබා දෙන ලෙස, නෝර්වේ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ නඩරාජා සේතුපරන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරන ලද නඩරාජා සේතුපරන්, ශ්‍රි ලාංකික සම්භවයක් ඇති නොර්වේ පුරවැසියෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළද, ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් පමණක් සිදු කර තිබේ. පොලිස්පතිවරයාට, නෝර්වේ සහ ශ්‍රී ලංකා අගමැතිවරුන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පිටපත් සහිතව ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ තමන්ට ඒරෙහිව අසත්‍ය චෝදනා රැසක් ඉදිරිපත් කර ඇති බවයි.
2019 වසරේදී සිය දියණියකගේ උත්සවයකට සහභාගි වීම සඳහා ලංකාවට පැමිණි බවත්, ඒ් අවස්ථාවේදී ද තමන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළ බවත්, ඊට අදාළ ව පැවැති නීතිමය කටයුතු අවසන් කර ගැනීම සඳහා මෙවර ලංකාවට පැමිණි බවත් ඔහු අදාළ ලිපියේ සදහන් කර ඇත. තමන්ට අවශ්‍ය නම් ලංකාවට නොපැමිණ සිටීමට හැකියාව තිබුණද, සැඟවීමට කිසිවක් නොමැති නිසා මෙසේ යළිත් ලංකාවට පැමිණි බව ද අවධාරණය කර ඇති අදාළ මාධ්‍යවේදියා තමන්ගේ සියලු විස්තර ද ලිපියේ සඳහන් කර ඇත.තමන්ට ඇති ජීවිත තර්ජන නිසා ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, තමන්ට අදාළව සිදු කිරීමට අවශ්‍ය සියලු නීති කටයුතු කොළඹදී සිදු කරන ලෙසත් නඩරාජා සේතුපරන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave A Reply

Your email address will not be published.

twenty − 15 =