“ගෝටාබය පුළුවන් නම් කියන්න MCC අත්සන් කරන්නේ නෑ කියල” – “MCC කාර්යාලය වහන්නව කියල”

-අනුර දිසානායක

ජනාධිපති කොමිසම විසින් සිදු කර තිබූ කැඳවීමකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අද (26) දෙවන දිනටත් ජනාධිපති කොමිසම වෙත පැමිණි අතර ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය විසින් ආසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම MCC ගිවිසුම ගැන මෙම අදහස් පළකළේය.

“MCC වැනි ගිවිසුම් අත්සන් කිරීමේදී අනිවාර්යයෙන් පුර්ව ගිවිසුම් අත්සන් කරනවා. ඒක ඊයේ හොයාගත්තා වගේ පෙනී හිටියා, ප්‍රකශකලා ඊයේ මාධ්‍ය වළ. මහින්ද රාජපක්‍ෂ අපේ රටේ පාර්ලිමේන්තුව අවුරුදු 50 ක් නියෝජනය කළා කියනවා. ජනාධිපති ලෙස, අගමැති ලෙස , කැබිනට් ඇමතිවරයෙක් ලෙස, විපක්ෂ නායක ලෙස හිටිය. එනිසා මෙවැනි ක්‍රියාදාමයක් සිදුවන අකාරය පිලිබඳ පුර්ව අවබෝදයක් ඔහුට තිබිය යුතුයි. ඒක නොදැන සිටීම රාජපක්‍ෂගේ පරිනත බාවය පිලිබඳ ප්‍රශ්නයක්. හැබැයි එසේ පුර්ව ගිවිසුම් අත්සන් කළ බවත්, ඒ සඳහා යම් මුදලක් ලබාගත් බවත් අපි රටට හෙළිදරව් කළා. ඒ නිසා ඊයේ ලබාගත්ත වාර්තා වලින් මෙය දැනගත්තා කීම අපට අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. හැබැයි තේරුම් ගත යුතුයි එවැනි පුරවා ගිවිසුම් වලින් බැඳෙන්නේ නෑ ඇමරිකන් ගැති නොවෙන , MCC එකට යටත් නොවෙන, සැබෑ දේශප්‍රේමී පාලනයක් නම් එම පුර්ව ගිවිසුම් වලට බැඳෙන්නේ නෑ.”
“ඒ නිසා ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ කුමක්ද?. අත්සන් නොකරන බව ප්‍රකාශයට පත් කිරීම පමණක් නෙමෙයි. දැනටමත් MCC කාර්යාලයක් පවත්වාගෙන යනවා. ඒ MCC කාර්යාලය නවත්වන්න කියල බල කරන්න.”

“අත්සන් කරන්නේ නෑ කියල ප්‍රකාශ කළේ නෑ . මහජන අදහස් විමසනවා කිව්වා. නමුත් ජනාධිපතිවරණයට කලින් කිව්වේ මොකක්ද?. MCC ගිවිසුම ඉරා දමනවා කිව්වා. එත් දැන් මොකක්ද කරන්නෙ, මහජන අදහස් විමසනවා. හැබැයි මේ කරන්න හදන්නේ මොකක්ද ඇමරිකන් ගැති මේ රූකඩ පාලකයෝ MCC එක අත්සන් කරනවා. අපි එක අභියෝගයක් කරනවා. ගොටාබය රාජපක්‍ෂ කියන්න මේක අත්සන් නොකරන බව. ඒ කාර්යාල ඉවත්කරන බව. එහෙම කරන්නේ නෑ මොවුන් ඡන්දෙන් පස්සේ අත්සන් කරණ පස තමයි මේ නිර්මාණය කරමින් යන්නෙ. අන්තිමට කියයි එජාපය පරණ ගිවිසුමක් ගෙනල්ල තියනවා ඒ නිසා අපට අත්සන් කරන්න වෙනවා කියල “

Leave A Reply

Your email address will not be published.

five × 3 =