MCC ගිවිසුම් වාර්තාව ජනපතිගෙන් ජනතාවට !

 

MCC ගිවිසුම සමාලෝචනය කළ කමිටුවේ අවසාන වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දීම පසුගිය 25 දා සිදු විය.
ඒම නිර්දේශ ජනතාවගේ අවධානයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට උපදෙස් දී ඇත. 24 දා මෙම වාර්තාව අගමැතිවරයා වෙත භාරදුන් අතර, ඉදිරියේදී ඒය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිත ය.
‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය. අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත්කරනු ලැබූ අතර, එහි සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කටයුතු කළේය. ඊට අමතරව ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

Leave A Reply

Your email address will not be published.

3 × 5 =