වසන්ත කරන්නාගොඩ – නරක පූර්වාදර්ශයක් ද !

 

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් තමන් නම් කරමින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම පසුගිය 23 දා අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි.

පෙත්සම සලකා බැලීමට පෙරනීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දැක්වීය. ඒහිදී ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ මෙම පෙත්සම ගොනු කිරීමට කිසිදු නීතිමය පදනමක් නැති බවයි. අග විනිසුරුවරයා විසින් පත් කරනු ලැබු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පැවැත්වෙන බවත්, ඊට මැදිහත් වීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවත් ඔහ වැඩිදුරටත් අධිකරණය ඉදිරියේ සදහන් කළේය. වසර 135 ක ඉතිහාසය තුළ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරමින් මේ ආකාරයේ නඩුවක් ගොනු කර නොමැති බවද මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අතර, පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ය. 2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් වසර 10 ක කාලය තුළ විමර්ශන සිදු කළත් එහිදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව මෙහිදී පෙත්සම්කරුගේ නීතිඥයා සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දක්වමින්, නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කර පසුව නාවික හමුදාපති ධූරයට පත් ට්‍රැවිස් සින්නයියා විසින් 2017 වසරේ පොලීසියට ලබා දුන් ප්‍රකාශයකින් පසුව තම සේවාදායකයා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති බව ද ඔහු අධිකරණයට පැවසීය. 2015 දී සිදු වූ ආණ්ඩු මාරුවෙන් පසුව මෙම විමර්ශනය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ උපදෙස් මත එවක එහි සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් බවත් ඔහු මේ වනවිට ස්විට්සර්ලන්තයේ සිටින බවත් නීතිඥවරයා අවධාරණය කළේය. සිද්ධියෙන් වසර 10 කට පසුව කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එබැවින් එම නඩුවේ විභාගය අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් අතුරුදහන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනිදා සිටය. 2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව, නාවික හමුදා නිලධාරීන් ඇතුළු චුදිතයින් පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.

2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පැවසෙන සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනා ලබන අතර, සිය පාලන සමයේ අවසාන දිනවලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු නාවික හමුදාවේ ඉහළම ධුරය වන ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ සම්මානයෙන් පුදනු ලැබුණි. දෙහිවල ප්‍රදේශයේ දී දෙමළ ජාතික තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද සම්බන්ධ වී ඇති බවට පොලිසිය 2015 වසරේදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

එම අවධියේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා අධිකරණය හමුවේ පවසා තිබුණේ, අදාළ පැහැරගෙන යාම් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිට ඇතැයි හෙළි වී තිබෙන බවය. ඒසේම හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කර තිබුණේ මේ සිදුවීම සිදු වන කාලයේදී තමන් නැගෙනහිර පළාත භාරව කටයුතු කළ බවත්, ත්‍රීකුණාමලය නාවික කඳවුර අභ්‍යන්තරයේ තිබූ ගන්සයිඩ් නම් කලාපයට තමන්ට පවා ඇතුළු වීම වළක්වා තිබූ බවත් ය. ඒම කාලපයට අදාළ සියලු කටයුතු වල වගකීම ඒවකට නාවික හමුදාපතිවරයාගේ පෞද්ගිලක සහකාර ලෙස කටයුතු කළ ඩී.කේ.පී.දසනායක විසින් සිදු කළ බව ද ඔහු පවසා තිබිණි. නාවික හමුදාපතිවරයා විසින්ම ඒම වගකීම ඔහුට පවරා තිබූ බවත්, නාවික හමුදාව නියෝජනය කරන පළාතේ ප්‍රධාන නිලධාරියා වූ තමන්ට පවා ඊට ඇතුළු වීම නාවික හමුදාපතිවරයා විසින් වළක්වා තිබූ බවත් ඔහු වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර තිබිණි.

මේ සිදුවීමට අදාළ මුල්ම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබුණේද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ය. ඒය සිදුව ඇතැයි කියවුණේ සිය පෞද්ගලික සහකාර ලෙස සිටි නිලධාරියාට ඒරෙහි ව්‍යාපෘතියක කොටසක් ලෙස ය. ඒ් ඔහු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සමග සමීඵ සම්බන්ධ්කම් පැවැත්වීම ආරම්බ කිරීඹ නිසා ය. ඒවකට නාවික හමුදාපතිවරයා සහ යුද හමුදාපතිවරයා අතර ගැටුමක් තිබූ බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන ක්‍රියාත්මක කිරීමේදී අනාවරණය වූයේ ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකගෙන් සැදුම් ලත් කප්පම් කල්ලියක් නාවික හමුදාව තුළ ක්‍රියාත්මක වී ඇති බවයි. ඒම කල්ලිය විසින් මෙය සිදු කර ඇති බවට වන සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අධිකරණය ඉදිරියේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අමතරව, තවත් හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු වූ රවී විජේගුණවර්ධන ද මෙහි සැකකරුවෙකි. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන සම්පත් හෙට්ටිආරච්චි නම් නිලධාරියාට සැඟවී සිටීමට ආධාර අනුබල දීම මෙන්ම මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා ඒල්ල වී තිබේ. 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදු වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙම විමර්ශනය මෙහෙයවූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරි සදහා මාරු කර යැවීම සම්බන්ධයෙන් මැදිහත් වූයේ ද මේ විජේගුණවර්ධනම ය. ඒමගින් අදාළ විමර්ශනය අඩාල කිරීම ඔවුන්ගේ අරමුණ වූ බවට මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිසම මගින් ඒම ස්ථාන මාරුව අත්හිටුවීමට කටයුතු කරන ලදි. ඒසේම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් අවස්ථා ගණනාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය මගහැර සිටීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා ඒල්ල විය.

කෙසේ වෙතත් වසන්ත කරන්නාගොඩගේ පෙත්සමට අදාළ අභියාචනාධිකරණ තීන්දුව කුමක් වුවද, අපරාධයක් සිදු වී තිබේ. ඊට අදාළව යුක්තිය ඉටු විය යුතුය. ඊට අදාළ වගකිවයුත්තන් අනාවරණය විය යුතුය. ඔවුන්ට සුදු රෙදි පොරවාගෙන සිටින්නටත්, නීතියේ හිඩැස්වලින් රිංගා යෑමටත් ඉඩ ලබා නොදිය යුතුය. නීතිපතිවරයා ශුද්ධ චරිතයක් ලෙස හැඳින්විය යුතු නැත. ඔහුගේ තීරණවලට අභියෝග කිරීමේ ඉඩ නීතියෙන් ලබාදී ඇත්තේ ඒ් නිසා ය. ඒහෙත් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීම සම්බන්ධයෙන් මෑත කාලීනව ලංකාවේ ඇති අත්දැකීම් ඒ් තරම් සාධාරණ නැතිවාක් මෙන්ම, මෙය ද අනාගතයට නරක පූර්වාදර්ශයක් විය යුතු නැත.

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

1 × 3 =