සිංහල, දෙමළ කාගේත් ජනාදරයට පත් නඩරාජා ශිවම්
ජේෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදකයකු ලෙස සිංහල, දෙමළ කාගේත් ජනාදරයට පත් නඩරාජා ශිවම් අභාවප්‍රාප්ත විය.
ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් අපට සමීපවු ජේෂ්ඨ නිවේදක සින්නයියා නඩරාජසිවම් වඩාත් ප්‍රකට වූයේ ජාතික රූපවාහිනියේ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන්වල ස්වර්ණමය යුගයේදී දායක වීමෙනි.
ජාතික රූපවාහිනියේ සහ ජාතික ගුවන්විදුලියේ දමිළ අංශයේ කටයුතුකර තිබෙන ඔහු විශේෂයෙන් දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් වසර ගනනාවක් සේවය කොට තිබේ. 1998 වසරේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේය.
ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනයට ද එක් වූ සිවම් විශේෂයෙන්ම යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයක් නිරූපණය කරන ලදි. ඒ අතරින් සුදු අක්කා (1997), යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) , යන චිත්‍රපට විශේෂ වේ.
fb සටහනකින්
ඡායාරුපය සැකසුම – විකුම් ජිතේන්ද්‍ර