ට්‍රම්ප්ගේ වීසා අත්හිටුවීම් නිසා ප්‍රධාන සමාගම් දැඩි කලකිරීමෙන්

දැනට ක්‍රියාත්මක ඇතැම් ග්‍රීන් කාඩ්පත් සහ 2020 වසර අවසන් වන තෙක් අනෙකුත් විදේශීය ශ්‍රමිකයින් සඳහා වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

මෙලෙස අත්හිටුවීමට තීරණය කර අත්තේ ඉහළ නිපුණතා ඇති තාක්‍ෂණ සේවකයින්, වගා සහායකයින්, ගෘහ සේවකයින් සහ ඉහළ විධායක නිලධාරීන්ගේ වීසා බලපත්‍රය.
මෙමගින් ඇමරිකානු රජය බලාපොරොත්තු වන්නේ කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත් වී සිටින ඇමරිකානුවන්ට රැකියා උත්පාදනය වනු ඇති බවයි.

කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ ධවල මන්දිරය සංක්‍රමණ නීති දැඩි කිරීම සඳහා කොරෝනාවෛරසය වසංගතය උපයෝගී කරගෙන ඇති බවය.

මෙම තීරණය පුද්ගලයන් 525,000 කට පමණ බලපාන අතර එරට තුළ විදේශිකයන්ට ස්ථිර පදිංචිය ලබා දෙන නව ග්‍රීන් කාඩ්පත් තහනම් කිරීමට ගත් තීරණය දීර්ඝ කිරීම බලපෑ 170,000 ක පමණ පිරිසක් ද මෙයට ඇතුළත් වෙයි. ග්‍රීන් කාඩ්පත්‍ ලබා දීම අත්හිටුවන බව ධවල මන්දිරය පළමුවෙන්ම ප්‍රකාශ කළේ පසුගිය අප්‍රේල් මාසයේ දීය. එම තීරණය ජුනි 22 වෙනි සඳුදා දක්වා බලපැවැත්විණි.

පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නව සීමාවන් යටතේ දැනට සිටින වීසා බලපත්‍රලාභීන්ට බලපෑමක් සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවයේ නිරත ඉන්දියානුවන් බොහෝ ප්‍රමාණයකට ලබා දී ඇති H-1B වීසා බලපත්‍ර සඳහා ද මෙම නියෝගය අදාළ වී ඇති නිසා ගැටළු ගණනාවක් නිර්මාණය වී ඇත. ඉකුත් වසරේදී පමණක් H1-B වීසා වැඩසටහන හරහා විවෘත වූ රැකියා 85,000 ක් සඳහා අයදුම්පත් 225,000 ක් පමණ ලැබී තිබිණි.

මේ සම්බන්ධයෙන් යැයි ෆේස්බුක් සමාගම පවසන්නේ “සංක්‍රමණය සීමා කිරීම සාධාරණීකරණය කිරීමක් ලෙස කෝවිඩ් -19 වසංගතය භාවිත කර තිබෙනවා. නමුත් ඇත්තටම, ඉහළ නිපුණතා තිබෙන පිරිස ඇමරිකාවෙන් ඉවත් කර තිබීම නිසා ආර්ථිකය ගොඩගැනීම තවත් දුෂ්කර වෙනවා,” යනුවෙනි.

ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නව තීරණය ගැන තමා “දැඩි කලකිරීමට” පත්ව ඇති බවය.

මේ අතර ගූගල් සහ යූ ටියුබ් හි මව් සමාගම වන ඇල්ෆාබෙට් (Alphabet) හි ප්‍රධානී සුන්දර් පිචායි කියා සිටියේ තම සමාගමේ සහ රටේ සාර්ථකත්වයට සංක්‍රමණිකයන් ඉතා වැදගත් බවය.

පසුගිය වසරේදී H-1B වීසා 3,000 කට වඩා ලබා ගත් ඇමසන් සමාගම පවසන්නේ මෙය “කෙටි දැක්මකින්” ලබා ගත් තීරණයක් බවය.
කෙසේ නමුත් නොවැම්බර් මස නැවත තේරී පත්වීමට සූදානම්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණ පිළිබඳ සිය දැඩි ස්ථාවරය මැතිවරණ ව්‍යාපාරයට යොදා ගෙන තිබේ. ට්‍රම්ප් පවසන්නේ තාක්ෂණික සමාගම්වල රැකියා ඇමරිකානුවන් වෙත යා යුතු බවය.

Leave A Reply

Your email address will not be published.

one × 4 =