කරුණාගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩීය පරීක්ෂණ අරඹයි

එකල එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” විසින් අලිමංකඩ දී යුද හමුදා සෙබලුන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.

නො. 964/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ලිපියේ ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඬිගල්ලේ විමලසාර හිමියන් විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 1 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණී.

තවත් සංවිධාන කිහිපයක් මෙලෙස මේ සම්බන්ධයෙන් පැමිණිලි කළේය.

Leave A Reply

Your email address will not be published.

twenty − sixteen =