“චෞර ව්‍යාපාරික වළල්ලේ එකක් පමණයි ඇවන්ගාඩ්”

“අපිව හිරගෙවල් වළ දැම්මත් අපි වංචා දුෂණ වලට එරෙහිව කරන අරගලය නතර කරන්නේ නෑ. රාජපක්‍ෂ වරුන් ගේ වටේ ඉන්න හොර දේශපාලක වළල්ලක් ඉන්නව. ඒ එක්ක චෞර ව්‍යාපාරික වළල්ලක් ඉන්නව. එකේ එක්කෙනෙක් විතරයි ඇවන්ගාඩ්” ජනාධිපති කොමිසම විසින් සිදු කර තිබූ කැඳවීමකට අනුව අද පෙරවරු 11.30ට ජනාධිපති කොමිසම වෙත ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැමිණ මාධ්‍යට මෙම අදහස් පළකළේය.

ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් නිශ්ශංක සේනාධිපති විසින් සිදු කළ පැමිණිල්ලට අනුව අනුර දිසානායක එහි කැඳවා තිබු අතර ඉන් පිටතට පැමිණි අනුර දිසානායක වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසිය.

අනුර දිසානායක
“මේ කොමිසම මා වග උත්තර කරුවෙකු ලෙස නම්කර තිබෙන්නේ කවර කරුණක් නිසාද යන කරුණත්, අනෙකුත් ලේඛන සියල්ල අපි ඉල්ලා සිටියා. අපි ඉදිරියේදී මෙම කොමිසමට එනවද නැද්ද කියන එක තීරණය කරනවා අපේ නීතිඥ එක්ක කතාකරලා. අපිව හිරගෙවල් වළ දැම්මත් අපි වංචා දුෂණ වලට එරෙහිව කරන අරගලය නතර කරන්නේ නෑ. රාජපක්‍ෂ වරුන් ගේ වටේ ඉන්න හොර දේශපාලක වළල්ලක් ඉන්නව. ඒ එක්ක චෞර ව්‍යාපාරික වළල්ලක් ඉන්නව. එකේ එක්කෙනෙක් විතරයි ඇවන්ගාඩ්. ගෝටාබය රාජපක්ෂ මැදිහත් වී නාවික හමුදාවේ අදායම ඇවන්ගාඩ් කියන වංචනික ව්‍යාපාරයට ලබා දුන්න.

ඇවන්ට්ගාඩ් කියන්නේ ගෝටාභය රාජපක්ෂගේ හිතවත්කමින් කරගෙන යන චෞර ව්‍යාපාරයක්.. අපි ජනාධිපති කොමිසමට එන්නේ මහජන මුදල් කොල්ල කන දූෂිතයින් හෙළිකරන්නයි..”

කේ.ඩි.ලාල්කාන්ත
“අපේ පක්ෂයේ නායක අනුර දිසානායක නීතිඥ නැතිව අද කොමිසමට ඉදිරිපත් වුනා. තමන්ම නීතිඥ බවට පත්වෙමින්, තමන්ම මේ වගකීමට උරදෙමින් ඉදිරිපත්වුනා. මේ රටේ ජාතික අරගලයේ එක කොටසක් තමයි මේ රටේ හොරකම්, දුෂණ, වංචා නතරකිරිම. අද මේක හොරුන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා. මේ කොමිසමට කැඳවීම අපි සලකන්නේ මුළු ජනතාවම කැඳවීමක් විදිහටයි අපි සලකන්නේ. මේ අරගලය අපි ඉදිරියට ගෙනියන්නෙ සමස්ත ජනතාවම එකතුකර ගනිමින්. මේක අපේ විතරක් දෙයක් නෙමෙයි සමස්ත ජනතාවගේම ඉල්ලීමක්.”

 

 

Leave A Reply

Your email address will not be published.

15 − eight =