ඉන්දු චීන ගැටුම අතර ශ්‍රී ලංකාවේ භූමිකාව

මේ සිදුවීමට පෙර මැයි මස මුලදී, චීන හා ඉන්දියානු හමුදා හිමාල කඳු වැටියේ අර්බුධයට තුඩු දුන් දේශ සීමාවේ මායිමේදී එකිනෙකාට මුහුණ දුන් අතර එම නොසන්සුන්තාවය කොයි මොහොක හෝ ඇවිල යා හැකි ගින්නක දුමක් පමණක් විය. ජූනි පහලොව ඇවිළ ගියේ ඒ දුමට යටින් තිබූ ගින්නය. කටු කම්බි එතූ ගල් හා පොලු දුසිම් ගනණක සොල්දාදුවන් ගංඉවුරු අසල සහ පාළු කඳුවැටියේ බෑවුම් අතර එකිනෙකා සමග සටන් කලේය. සමහර සොල්දාදුවන් ගල් පවුරු වලින් අඩි සිය ගනණක් පහලට වැටී ඇති අතර ඇතැමුන් දේශසීමාව අතරින් ගලා යන ගැලොවැන් ගංගාවට වැටී ඇති බව ඉංදියානු තොරතුරු මාර්ග දක්වන අතර චීන හමුදාවට වූ හානි ගැන තවමත් ස්ථිර තොරතුරක් නැත.

ලෝකයේ ජනාකීර්ණම රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ චීනය 1962 දී වූ යුද්ධයට වඩා භයානක දේශ සීමා අර්බුධයකට පැටළෙමින් දෙරටේ නයකයන් තම ඉවසීමෙි සීමාවට පැමිනෙමින් සිටින බවට ඉඟි පහල වෙි. මේ වන විටත් ඉන්දියානු සීමාවෙි ලඩාක් වෙතත් චීන සීමාවේ අක්සායි චින් වෙතත් දෙරටේ හමුදා සහ බර ආයුධ ස්ථානගත කර ඇත. මේ තත්වය වසර පනහකට පසු ඉහළම යුධ උණුසුමක් ආසියාව තුල ඇති කර ඇත.

මිය ගිය සොල්දාදුවන්ගේ අවසන් කටයුතු ඊයේ ඔවුන්ගේ ගමිවල පැවති අතර කෝප වූ ඉන්දියානුවන් චීන නායකයාගේ රූප පිළිස්සීය. මේ අතර ජනතාව ඇමතූ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි පැවසුවේ දේශ සීමාව තුල සොල්දාදුවන් පූජා කල ජීවිත නිශ්පල නොවන බව.

ආසියාවේ ⁣මෙම උණුසුම ශ්‍රී ලංකාවට සම්බන්ධ වන්නේ කෙසේදැයි දැනටමත් ජාත්‍යන්තර යුධ සහ දේශපාලණ විශ්ලෙෂකයන්ගේ අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාවෙි භූමියට සහ අභ්‍යන්තර දේශපාලයනට චීනයේ ඇති බලපෑම මේ අර්බුධයේදී ඉන්දියාවට එරෙහිව භාවිතා කිරීමට ඇති හැකියාව අපට බැහැර කල නොහැක.

ඉන්දියානු-චීන දේශ සීමාවේ මිලිටරි ක්‍රියාමාර්ග පිළිබඳ ගැටළුව අද ඊයෙක සිට ⁣තිබෙන්නක් නොවන අතරම පසුගිය කාලය පුරා ක්‍රම ක්‍රමයෙන් තම ආර්ථික බලය සහ කූඨ උපක්‍රම පාවිච්චි කරමින් බීජිංහි හමුදාමය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවෙි භූමිය භාවිතා කිරීමට අවශ්‍ය භෞමික හා නීතිමය පරිසරය මේ වන විට ලංකාව තුල ගොඩ නගා හමාරය. ආර්ථික අර්බුධ, රාජ්‍ය මට්ටමෙි දූෂණ සහ දුර්වල රාජ්‍ය නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තමන්ට අවනත රාජ්‍යක් කරගන්නට චීනය වැඩි වෙහෙසක් නොදැරීය.
චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ණය උගුලේ ගොදුරක් ව, 2013 මාර්තු හිදී විවෟත කරන ලද මත්තල ගුවන් තොටුපල වෙනුවෙන් චීනයෙන් එක්සින්ම් බැංකුව හරහා ලබා ගත් ඩොලර් මිලියන 166 ශ්‍රී ලංකාවට නැවත ගෙවා ගැනීමට නොහැකි වීම පුදුමයට කාරණයක් නොවෙමින් එය ලෝකයේ හිස්ම ගුවන් තොටුපල ලෙස වාර්තා ගතවිය. ණය ලබා ගත් අයට එය නියමිත පරිදි ආපසු ගෙවිය නොහැකිවූ විට ණය එහි වන්දි ලෙස ණය හිමියාටගේ ඕනම කොනදේසියකට යටත් වන්නට සාමාන්‍ය සොබාවයයි. ඒ අනුව, මත්තල ගුවන් තොටුපල මර්චන්ට්ස් පොර්ට් හෝල්ඩින් නම් වූ චීන සමාගමකටම 2017 දී 99 වසරකට බදු දීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර මේ සමස්ථ ක්‍රියාදාමයම චීනය විසින් තම ආර්ථික පමණක් නොව හමුදාමය අවශ්‍යතා සඳහා සැළසුම් කර ඇතැයි දැන් දැන් සැක පහල වේ.

ජාත්‍යන්තර ගුවන්තොටුපළට අමතරව ඩොලර් බිලියන 1.12 චීන ණය මුදලින්ම තැනූ වරායක්, විශාල කාර්මික කලාපයක්, දැවැන්ත සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්, ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයකි. ඉන්දියාවට එරෙහිව හමුදාමය ක්‍රියාදාමයකට එළඹුනහොත් ශ්‍රී ලංකාවේ ඇති මේ සම්පත් චීනය විසින් ඉන්දියාවට එරෙහිව හමුදා කටයුතු සඳහා බාවිතා කිරීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය.

එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව චීනයේ ග්‍රහණයට ගොදුරුවීම පිළිබදව මුල සිටම කනස්සල්ල පල කලේ චීනයේ මේ ප්‍රවිශ්ඨය තීරණාත්මක මොහොතකදී ආසියාවෙි හමුදා බල තුලණය වෙනස් කිරීමට සාධකයක් වන හෙයිනි.

හිමාලයේ වර්ථමාණ සිදුවීම යුද්ධයක් දක්වා වර්ධණය වුවහොත් එය තුන්වන ලෝක යුද්ධය විය හැකි අතර ආරම්භයේ දීම එහිදී ඉන්දියාවට තිබිය හැකි හොඳම යුධ උපක්‍රමයක් විය හැක්කේ ඒ වන විට චීනය විසින් ශ්‍රී ලංකාවෙි මත්තල පිහිටු විය හැකි චීන ගුවන් හමුදා කඳවුරට සහ හම්බන්තොට චීන නාවිකාංගණයට පහර දී විනාශ කිරීම විය හැක.

ඒ කෙසේ වෙතත් අද දින බීජිංහි පැවති නිත්‍ය පුවත් පත් සාකච්ඡාවකදී චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සා ඕ ලිජියන් ගැල්වාන් සිදුවීම ගැන විශේෂ පුකාශයක් කළේය. එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.
“ගැල්වාන් නිම්නය පිහිටා ඇත්තේ චීන-ඉන්දියානු මායිමේ බටහිර කොටසේ තථ්‍ය පාලන රේඛාවේ චීන පැත්තේ ය. වසර ගණනාවක් තිස්සේ චීන දේශසීමා භට පිරිස් මෙම කලාපයේ මුර සංචාරයේ යෙදී සිටිති. මේ වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ඉන්දීය දේශසීමා භට පිරිස් ඒකපාර්ශවිකව හා අඛණ්ඩව මාර්ග, පාලම් සහ වෙනත් පහසුකම් ගල්වාන් නිම්නයේ එල්ඒසී හි ඉදිකර තිබේ. චීනය අවස්ථා කිහිපයකදීම නියෝජනයන් හා විරෝධතා ඉදිරිපත් කර ඇති නමුත් ඉන්දියාව තව දුරටත් එල්ඒසී තරණය කර ප්‍රකෝප කිරීම් සිදු කර තිබේ. මැයි 6 වනදා පාන්දර වන විට, එල්ඒසී තරණය කර චීනයේ භූමි ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය දේශසීමා හමුදා, බලකොටු සහ බාධක ඉදිකර ඇති අතර, එය චීන දේශසීමා භටයින්ගේ මුර සංචාරයට බාධාවක් විය. ඔවුන් හිතාමතාම ප්‍රකෝප කිරීම් සිදු කළේ ඒකපාර්ශ්විකව වෙනස් කිරීමේ උත්සාහයකිනි පාලන හා කළමනාකරණයේ තත්ත්වය. භූමියේ පවතින තත්වයට ප්‍රතිචාර දැක්වීමට සහ දේශසීමා ප්‍රදේශවල කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට චීන දේශසීමා හමුදාවන්ට බල කෙරී ඇත.

තත්වය ලිහිල් කිරීම සඳහා චීනය සහ ඉන්දියාව මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සමීප සන්නිවේදනයේ රැඳී සිටියි. චීන පාර්ශවයේ දැඩි ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව එල්ඒසී තරණය කළ පිරිස් ඉවත් කර පහසුකම් කඩා දැමීමට එකඟ වූ අතර ඔවුන් එසේ කළහ. ජුනි 6 වන දින දෙරටේ දේශසීමා භට පිරිස් අණ දෙන නිලධාරි මට්ටමේ රැස්වීමක් පවත්වා තත්වය ලිහිල් කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණියහ. මුර සංචාර සහ පහසුකම් ඉදිකිරීම සඳහා ගැල්වන් ගඟේ මෝය හරහා නොයන බවට ඉන්දීය පාර්ශවය පොරොන්දු වූ අතර දෙපාර්ශ්වයම සාකච්ඡා කර භූමියේ අණ දෙන නිලධාරීන් අතර පැවති රැස්වීම් හරහා හමුදා ඉවත් කර ගැනීම තීරණය කරනු ඇත.

කම්පනයට කරුණක් නම්, ජුනි 15 වන දින සවස ඉන්දියාවේ පෙරටුගාමී භට පිරිස්, අණ දෙන මට්ටමේ රැස්වීමේදී ඇති කරගත් ගිවිසුම උල්ලං in නය කරමින්, ගැල්වන් මිටියාවතේ තත්වය දැනටමත් ලිහිල් වෙමින් තිබියදී හිතාමතාම කුපිත කිරීම සඳහා යළිත් වරක් සැබෑ පාලන සීමාව තරණය කළහ. සාකච්ඡා සඳහා එහි ගිය චීන නිලධාරීන්ට සහ සෙබළුන්ට පවා දරුණු ලෙස පහර දුන් අතර, එමගින් දරුණු ශාරීරික ගැටුම් ඇති වූ අතර තුවාල සිදුවිය. ඉන්දීය හමුදාවේ වික්‍රමාන්විත ක්‍රියාවන් දේශසීමා ප්‍රදේශවල ස්ථායිතාව බරපතල ලෙස අඩපණ කර ඇති අතර, චීන නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් වී තිබේ, දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට අතර ඇති කර ගත් ගිවිසුම් උල්ලං, නය කර ඇති අතර ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් උල්ලං have නය කර තිබේ. චීනය ඉන්දියානු පාර්ශවයට දැඩි නියෝජනයක් සහ දැඩි විරෝධතා ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ කළ දුරකථන සංවාදයේ දී ඔහු චීනයේ දැඩි ස්ථාවරය පුනරුච්චාරණය කරමින් සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. පෙරටුගාමී භට පිරිස්, එවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වග බලා ගැනීම සඳහා සියලු ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නතර කරන්න. භූමියේ තත්වය සමඟ කටයුතු කිරීම සඳහා දෙවන අණ දෙන මට්ටමේ රැස්වීමක් හැකි ඉක්මනින් සිදුවිය යුතුය. ගැල්වාන් නිම්න ගැටුමෙන් ඇති වූ බරපතල තත්වය සාධාරණ ලෙස හැසිරවීමටත්, අණ දෙන නිලධාරී මට්ටමේ රැස්වීමේදී ඇති වූ එකඟතාව නිරීක්ෂණය කිරීමටත්, හැකි ඉක්මනින් භූමියේ තත්වය සිසිල් කිරීමටත්, සාමය සහ සාමය තහවුරු කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූහ. මෙතෙක් අත්සන් කර ඇති ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අනුකූලව දේශසීමා පුදේශ පවත්වාගෙන යනු ඇත.”

ඉන්දියාව අප සමඟ කටයුතු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන අතර නායකයින් දෙදෙනා අතර ඇති වැදගත් එකඟතාව විශ්වාසවන්තව අනුගමනය කිරීම, ආණ්ඩු දෙක අතර ඇති කර ගත් ගිවිසුම්වලට එකඟව කටයුතු කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි නාලිකා හරහා වර්තමාන තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධව තහවුරු කිරීම.”

– අනුරුද්ධ ලොකුහපුආරච්චි.

www.winddirectionlanka.com

Leave A Reply

Your email address will not be published.

2 × five =