බ්‍රසීල ජනතාව සිය ජනාධිපතිට එරෙහිව වීදි බසිති

කො‍‍රෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 50,600 ඉක්මවද්දී බ්‍රසීල ජනතාව සිය ජනාධිපතිට එරෙහිව වීදි බසිති

ලෝක ‍‍සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයට එරෙහිව වහා පියවර ගන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි විට එයට සමචිචල් කළ ලෝක නායකයන් දෙදෙනෙක් සිටියහ. එක් අයෙක් එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩි ට්‍රමිප්ය. අනිත් ලෝක නායකයා බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සොනාරෝය. ඔවුන් දෙදෙනාම ජනතාවගේ ජීවිත බිංදුවට දමා සිය ආර්ථිකයේ ධන අගයක් වෙනුවෙන් වෙහසවූ මිනිසුන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවක් ලියාපදිංචි කළ රට එක්සත් ඡනපදයයි එය ගණනින් එක්ලක්ෂ විසි දහසකි. වෛරසය වැළදුනු සංඛ්‍යාව විසි ලක්ෂයකි. ලොව වැඩිම දෙවනි මරණ සංඛ්‍යාව වාර්තා කරන්නේ ඩොනල්ඩි ට්‍රමිප් පිටුපසින් ගිය ජයීර් බොල්සොනාරගේ බ්‍රසීලයේය. එය ගණනින් 50,607 කි. වෛරසය වැළදුනු මිනිස් ජීවිත ගණන දශ ලක්ෂයකි.

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජයීර් බොල්සොනාරෝ සීමා පැනවීමට හා රට අගුලුලෑමට විරෝධය දැක්වීම සහ ආර්ථිකයට වැඩි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් එරට විශාල වශයෙන් මතභේදයට තුඩු දී ඇත සිය ජනාධිපතිවරයාගේ මෙම උදාසීන පිලිවෙත් නිසා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉතා දරුණු ලෙස ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධූරයෙන් ඉවත්ව තිබේ. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ය. ප්‍රථම සෞඛ්‍ය ඇමතිවරයාව ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද අතර ජනාධිපතිවරයා සමග එකඟ නොවීම නිසා දෙවැන්නා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

1 × 5 =