“මම ඒ එම ස්ථාවරයේමයි – දැන් මාව අත්අඩංගුවට ගන්න බෑ” – කරුණා

විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය අනුමත කරමින් පවසා ඇත්තේ, තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බවයි.
කළ ප්‍රකාශය වෙනස් කරන්නෙත් නැතැයි ද කොරෝනාවට වඩා තමන් භයානක බවත්, එක දිනකදී හමුදාවේ 2000ක් පමණ මරා දැමූ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් මුරලිදරන් පවසා තිබේ.

පසුගිය ජනපතිවරණ සමයේදී මුරලිදරන්ගේ සහය හිමිව තිබුණේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙතය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද, තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව ඔහු කියා සිටියි.
ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව ඔහු අවධාරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

twelve + 5 =