ඔබේ ඡායාරූප සහ ලෝකයේ මිළ අධිකම ඡායාරූප දහය

 

(ශ්‍රී ලංකාවේ රොයිටර් ප්‍රවෟත්ති සේවයේ  හිටපු  ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පියා අනුරුද්ධ ලොකුහපුආරච්චි)

වෟත්තීය ඡායාරූපකරණය ක්⁣ෂේත්‍රයේදී අපගේ නිර්මාණය හැම විටම සේවාදායකයාගේ වියදම් කිරීමට සූදානම් මුදලත් සමග සමානුපාත නොවේ. එහෙත් මා ඔහු වෙනුවෙන් කරන නිර්මාණයේ අවසාන කෙලවර ඔහු තෘප්තිමත් වීමත් ඔහු ගෙවන මුදලින් මා තෘප්තිමත් වීමත් සිදුවිය යුතුය. එයට හේතුව ඔහු⁣ට කරන ලද නිර්මාණයට මා කවරාකාරයකින් හෝ මුල්‍යමය පිරිවැයක් දැරීමය. එය මා කැමරා උපකරණ මිලදී ගැනීමට වැය කරන මුල්‍යමය පිරිවැය පමණක් නොව, එම නිර්මාණය සඳහා පසුබිම් වූ මගේ දැනුම සහ අත්දැකීම් සඳහා වැය මගේ ජීවිත කාලයේ වටිනකමද වේ. මේ නිසා ඕනෑම වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් තම නිර්මාණය සඳහා ගෙවනු ලබන මුදලට පමණක් නොව නිර්මාණයේ ගෞරවයටද හිමිකම් කියයි.

මා වසර ගණනාවකට පෙර මුහුණ දුන් අත්දැකීමක් මෙහි සඳහන් කරන්නම්. මා ශ්‍රී ලංකාවේ රොයිටර් ප්‍රවෟත්ති සේවයේ ප්‍රවෟත්ති ඡායාරූපකරණයේ යෙදී සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා කල හැම තරඟයක්ම ඡායාරූප ගත කෙරුවෙමි. දිනක් මා හමුවීමට පුද්ගයන් දෙදෙනෙක් පැමිණියේය. එක් අයෙකු තමාව හඳුන්⁣වා දෙමින් තමා අහවල් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ ප්‍රචාරණ සැළසුම් කරුබවත් අනෙක් පුද්ගලයා ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා උපකරණ නිශ්පාදන ආයතනයක නමක් සඳහන් කරමින් එහි ලංකීය නියෝජිකත්වයේ හිමිකරු බවත් සඳහන් කලේය. ඔවුන්ට අවශ්‍යව තිබුනේ මා ඊට ටික කලකට පෙර ක්‍රිකට් තරඟයකදී ගත් සනත් ජයසූරිය බෝලයකට පහරදෙන ඉරියව්වේ ඡායාරූපයකි. ජයසූරිය එහි භාවිතාකල ක්‍රිකට් පිත්ත ඔවුන් නියෝජකත්වය දරණ ආයතනයේ නිශ්පාදනයක් බවත් මගේ ඡායාරූපයේ ක්‍රිකට් පිත්තේ වෙළඳ ලකුණ ඉතා හොඳින් පෙනෙන නිසා මගේ ඡායාරූපය ඔවුන්ගේ වෙළඳ පුචාරණයට අවශ්‍ය බවත්ය. පසුව අප ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් සඳහා රුපියල් 16,000 එකඟතාවයකට පැමිනුනෙමු. පලමුව ඡායාරූපයේ කුඩා ප්‍රමාණයේ දළ පිටතක් ඉල්ලූ අතර, ඔවුන් මා වෙත පැමිණියේ ඡායාරූපය දැක නිසා බැවින් තවත් දළ මුද්‍රණයක් අවශ්‍යනම් මා එය ලබා දෙන දවසට සම්පූර්ණ මුදල් මට ගෙවන ලෙස දැනුම් දුන්නෙමි. එයට ඔවුන් එකඟ වූ අතර නැවත මුණ ගැසීමට දිනයක් නියම කරගෙන ඔවුන් පිටත් විය.
මා ඒ නිශ්චිත ඡායාරූපය ගැනීමට භාවිතා කල උපකරණ වල වටිනාකම එවකට ඩොලර් 15000 පමණ විය.
කෙසේ හෝ අප කතා කර ගත් දිනට පෙර දින මට දුරකථණ ඇමතුමක් දුන් ⁣වෙළඳ ප්‍රචාරණ නිලධාරිය මගේ ඡායාරූපය අනවශ්‍ය බවත් ඔවුන්ට වෙනත් අයෙකුගෙන් ඡායාරූපයක් ලැබුනු බවත් මට දැනුම් දීය.
පසුව ඔවුන්ගේ ප්‍රචාරණ පත්‍රිකා වල සහ සඟරාවන්හි එම චායාරූපය පලකර තිබෙනු දුටිමි. ඡායාරූපයේ ස්වබාවය අනුව එහු අයිතකරුව මම හැඳිනුවෙමි. එම ශිල්පියා දේශීය පුවත් පතක සේවය කරන්නෙකි. ඔහුගෙන් මා ඒ ගැන විමසූ විට ඔහු කියා සිටියේ ඒ ඡායාරූපය සඳහා ඔහු රුපියල් 80 ක් ඉල්ලා සිටි අතර ඔවුන් ඔහුට රුපියල් 120ක් ම දුන් බවත්ය.

ඡායාරූපකරණය විනෝදයක් ලෙස ආරම්භ කරන විට අපට අපට ලැබෙනුයේ ප්‍රශංසාය. එයින් අප උද්ධාමයට පත් වන අතර දවස පුරා මහන්සි වී කාලය වැය කර ඇතැම් විට මුදල්ද වියදම් කරගෙන ෆේස් බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයකට ඇතුල් කර බලා සිටින්නේ කිසිවෙක් සතුටින් දක්වන ප්‍රතිචාරයක් දකින්නටය. එම හැඟීම ධනාත්මක ජීවයක් දෙන අතර අප වැඩි වැඩියෙන් ඡායාරූප ගැනීමට පොළඹවයි.

එහෙත් අවසානයේ යම් දවසක ඡායාරූප වල හෝ ඡායාරූප ගැනීමක මිළ ගණන් විමසා එවන ඊ මේල් පණිවිඩයක් ලැබීම ආධුණික ඡායාරූප ශිල්පියෙකුගේ සතුටුදායකම දවස බව නිසැකය. එහෙත් පණිවිඩයට පිළිතුරක් යැවීමේදී බොහෝ දෙනෙකු ව්‍යාකූල වන බව සත්‍යයකි.තම ඡායාරූප වල වටිනාකම තක්සේරු කරන්න හෝ යෝජිත ඡායාරූප ව්‍යාප්‍රතියකට මිල නියම කිරීමේදීද බොහෝ දෙනෙකු පසුගාමීය. එය රුපියල් 20 ක්ද නැතිනම් මිලියන 20 ක්දැයි සිතා ගත නොහැකිය.

මා ඉහත සඳහන් කල මා පුද්ගලිකව මුහුණ දුන් සිදුවීම අප නැවත ගමු. පුවත් පතේ ඡායාරූප ශිල්පියාට ජයසූරියගේ ඡායාරූපය ගැනීමට අමතර මුදලක් හො මහන්සියක් වැය නොවීය. එම ඡායාරූපය ඔහුගේ දිනපතා වෟත්තියේ කොටසක් ලෙස ගත් එකකි. එහෙත් ඡායාරූපය අලෙවි කිරීමේ ක්‍රියාවලිය තමාගේ ඡායාරූපයට විටිනාකමක් නොදීම තුල ඔහුට ඔහුගේ වෟත්තිය අමතක වූ බව පමණක් නොව වෟත්තිය ක්ෂේත්‍රයම අව තක්සේරුවට ලක් කලේය.

මෙම කතාව පලකලේ කිසිවකුත් අපහාසයට හෝ උපහාසයට ලක් කිරීමට නොව. එවැනි අත්දැකීම් බොහෝ ඡායාරූප ශිල්පීනට ඇති බව මම පුද්ගලිකව දනිමි. සමාජ මාධ්‍යයන්හි ප්‍රතිචාරයන්ගේ සිට තමන්ගෙ ගෙදර කෑම බීම බිල් ගෙවීම දක්වා යන විට අපට අපේ ඡායාරූප වල සහ සේවයේ මිල නියමයන් තක්සේරු කර ගත යුතුය. ඇත්ත වශයෙන්ම අපගේ සේවා දායකන්ට අපගේ සේවයේ හෝ ඡායාරූප වල මිල පිළිබඳ කිසිම සහතිකයක් හෝ අවබෝධයක් නැත. එසේ ම වෙළඳපලේ විටිනාකමට වඩා විශාල මුදලක් අඩුවෙන් ඔබේ සේවය ලබා දීමෙන් ඔබට පලක් නැත. සේවාදාකයාට ඔබ බාවිතා කරන කැමරාව හෝ ඒ සම්බන්ධ උපකරණ වල මිල පිළිබඳ අවබෝධයක් නැත. ඔබ කෑමට යමක් ගේනතුරු ඔබේ දරුවා සහ බිරිඳ මග බලාසිටින බව ඔබේ සේවාදායකයා නොදනී. එම නිසා ඔබේ ඡායාරූපයේ හෝ සේවයේ මිල අවතක්සේරුවට ලක් වන්නට ඉඩ නොදෙන්න.
ඒ ඇයි කියා තේරුම් ගන්න වැඩි දුරටත් පහලට කියවන්න. ලෝකයේ වැඩිම මිළකට විකිණූ ඡායාරූප දහය පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ. ඔබ නියැලෙන චායාරූප කලාව ලෝකය තුල ඇත්තේ කුමන ස්ථානයකදැයි එවිට ඔබට වැටහෙනු ඇත. ලෝකයේ වැඩිම මිළකට විකිණූ ඡායාරූප දහය විකිණුවේ ඡායාරූප ශිල්පීන් හත්දෙනෙකු විසිනි. ඒ පීටර් ලික්, ඇන්ඩ්‍රියාස් ගර්ස්කි, සින්ඩි ෂර්මන්, ගිල්බට් සහ ජෝර්ජ්, ජෙෆ් වෝල්, රිචඩ් ප්‍රින්ස් සහ එඩ්වඩ් ස්ටීචන් විසිනි.

ලෝකයේ වැඩිම මිළකට විකිණූ ඡායාරූප දහය.
1. “ෆැන්ටම්” –

පීටර් ලික්

ඔස්ට්‍රේලියානු ජාතික පීටර් ලික් ගේ මෙම ෆැන්ටම් කළු සුදු ඡායාරූපය 2014 දෙසැම්බර් 9 වන දින ලෝකයේ වැඩිම මිලකට විකිණූ ඡායාරූපය බවට පත්වූවේ එතෙක් එම ස්ථානය හිමි ව තිබූ ඇන්ඩියාර්ස් ගර්ස්කි ව දෙවනි තැනට දමමිනි.
පීටර් ලික් වසර තිස්පහකට වැඩි කාලයක් තිස්සේ කලාත්මක ඡායාරූපකරණයේ සීමා මායිම් බිඳ දැමූවෙකි. ඔහුගේම පරිකල්පනයන් තුල ඔහුටම ආවේණික ශෛලියකින් දිය ඇලි, අද්භූත කඳු මුදුන් සහ සමකාමි නිහඬ කාන්තාර ඡායාරූප ගත කරයි.
ඔහුගේ ඡායාරූපය අලෙවි වූ වාර්ථා ගත මිල ඩොලර් මිලියන 6.5 කි, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ශ 1,202,939,167.00 පමණ වේ.

පීටර් ලික් ගේ වෙබ් අඩවියට

“අවතාරය” යනු “ෆැන්ටම්” හි වර්ණ අනුවාදයකි, එය මෙතෙක් නිර්නාමික ගැනුම්කරුවෙකුට ඩොලර් මිලියන 6.5 කට විකුණා ඇත.

2. “රයින් II”

ඇන්ඩ්‍රියාස් ගර්ස්කි

 

ජර්මන් ජාතික ඡායාරූප ශිල්පී ඇන්ඩ්‍රියාස් ගර්ස්කි හැඩතල, ගෟහ නිර්මාණ ශිල්පය සහ භූමි දර්ශණ සඳහා ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. ඔහු 1990 දශකයට පෙර ඩිජිටල්කරණය ඔහුගේ ඡායාරූප සඳහා භාවිතා නොකලේය. එහෙත් ඔහුගේ “රයින් II” ඡායාරූපය නිර්මාණය කිරීම සඳහා ඔහු ප්ලෙක්සිග්ලාස් මත සවි කර ඇති සී මුද්‍රණයක් ඩිජිටල් කර අවසාන නිර්මාණය සඳහා වූ හුදකලා භූමි දර්ශණයට බාදා වන මුල් ඡායාරූපයේ වූ බලාගාර ගොඩනැගිල්ලක්, පයින් යන්නන් සහ පාපැදිකරුවන් ඩිජිටල් සංස්කරණයේදී ඉවත් කළේය. 2011 නිව්යෝර්ක්හි ක්‍රිස්ටි කලාගාරයේදී මෙම ඡායාරූපය එතෙක් ලොව අලෙවි වූ මිල අධිකම ඡායාරූපය වන විට, එය ඩිජිටල් සංස්කරණයක් ලෙස බොහෝදෙනා නොදැන සිටියේය. වියුක්ත සෞන්දරත්වය උදෙසා සුනඛ ඇවිදින්නන් , ගස් සහ සම්පූර්ණ බලාගාරයක් ඉවත් කර ජර්මානු රොමැන්ටික්වාදය ගර්ස්කිගේ ජ්‍යාමිතික උත්කෘෂ්ඨභාවය සමග යාවත්කාළීණ කල මේ ඡායාරූපය එදා ඩොලර් මිලියන 4.3 කට අලෙවි විය. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 795,790,526.00 පමණ වේ.

ඇන්ඩ්‍රියාස් ගර්ස්කි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න

රයින් II ඡායාරූපය නිර්මාණය කිරීම සඳහා ඡායාරූප ශිල්පී ඇන්ඩ්‍රියාස් ගර්ස්ක් භාවිතා කල ඔහුගේ නිර්ව්‍යාජ ඡාාරූපයයි මේ. මේ ගැන අදහස් දැක්වීමේදී ගුර්ස්කි මෙසේ පවසයි, “මම රයින් පිළිබඳ අසාමාන්‍ය, සමහරවිට මනරම් දර්ශනයක් ගැන උනන්දු නොවෙමි, නමුත් එය පිළිබඳ සමකාලීන දෘෂ්ටිය ගැන. පරස්පර විරෝධී ලෙස, රයින් පිළිබඳ මෙම මතය තැනින් තැන ලබා ගත නොහැක. නවීන ගංගාවක නිවැරදි රූපයක් සැපයීම සඳහා ව්‍යාජ ඉදිකිරීමක් අවශ්‍ය විය… අවසානයේදී මම පින්තූර ඩිජිටල්කරණය කර මට කරදර කළ අංග අතහැර දැමීමට තීරණය කළෙමි. ” කෙසේවෙතත්, පදික වේදිකාව ඉදිරිපසින් එසේම තැබීමට ඔහු තීරණය කළ බව පෙනේ

3. “අන්ටයිටල් 96” –

සින්ඩි ෂර්මන්

“රයින් II” ට පෙර, 1981 දී සින්ඩි ෂර්මන්ගේ “Untitled 96” නම් ඡායාරූපය , නිව් යෝර්ක්හි ක්‍රිස්ටි කලාගාරයේ වැඩිම මිළකට අලෙවි වූ ඡායාරූපය ලෙස ලෝක වාර්තාව තබා ඇත. බ්ලූම්බර්ග් වාර්තා වලට අනුව ෂර්මන්ගේ – ස්වයං ඡායාරූප – ඡායාරූප එකතුකරන්නන් අතර සුවිශේෂී ජනප්‍රියත්වයක් ඇති අතර, එක් වෙන්දේසියකදී පමණක් ඇගේ ඡායාරූප වලින් ඩොලර් මිලියන 13.7 ක් උපයා ඇත.
ඇයගේ විප්ලවකාර සහ විශ්මිතම ඡායාරූප නිර්මාණය ලෙස පිළි ගැනෙන්නේ “මාතෘකා නැති චිත්‍රපට නිශ්චල ඡායාරූප” ලෙස සැලකේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ විවිධ භූමිකා භූමිකාවන් පිළිබඳ ඇය විසින් කළු-සුදු ඡායාරූප 70 ක් ඉදිරිපත් කර ඇත. 1980 දශකයේ දී ෂර්මන් වර්ණ සේයාපට සහ විශාල මුද්‍රණ භාවිතා කළ අතර ඇඳුම් පැළඳුම්, ආලෝකකරණය සහ මුහුණේ ඉරියව් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය. 1995 දී ෂර්මන් මැක්ආතර් සාමාජිකත්වය ලැබීය. 2013 දී ඇය ලන්ඩනයේ රාජකීය කලා විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලබා ගත්තාය. 2011 දී ඇගේ “අන්ටයිටල්” ඡයාරූපය ඇමරිකාවේ ක්‍රිස්ටි කලාගාරයේ කලා වෙන්දේසියේදී ඩොලර් මිලියන 3.9 කට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 721,763,500.00 පමණ වටිනා කමකට වෙන්දේසි විය.

සින්ඩි ෂර්මන්ගේ තවත් තොරුතුරු සඳහා මෙහි පිවිසෙන්න.

4″හර් මේජස්ටි” –

ගිල්බට් සහ ජෝර්ජ්

ගිල්බට් සහ ජෝර්ජ් දෙදෙනා වෟත්තීය ජීවිතයේ මෙන්ම හැබෑ ජීවිතයේද හවුල් කරුවන් වන නමුත් ජෝර්ජ් රොයිටර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් කළ පරිදි ඔවුන් දෙදෙනා “දෙදෙනෙකු, නමුත් එක් කලාකරුවෙකු” බව තදින් විශ්වාස කරති. පසුගිය දශකය තුළ ඔවුන්ගේ වැඩ කටයුතු අයිකනොක්ලාස්ට් මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා කලාව පිළිබඳ සියලු කතා වලින් වැළකී සිටියි. ගිල්බට් මෙසේ පවසයි. “අපි එහි කොටසක් නොවේ, අපි කිසි විටෙකත් ඒ අසලට නොයන්නෙමු. පින්තූර සෑදීමට අපගේ හේතුව මිනිසුන් වෙනස් කිරීම මිස ඔවුන් සිටින ආකාරය ගැන ඔවුන්ට සුබ පැතීම නොවේ. ”හර් මේජස්ටි” ජෙලටින් රිදී මුද්‍රණය 2008 ජුනි මාසයේදී ක්‍රිස්ටි ලන්ඩන් කලාගාරයේදී විකුණන ලද්දේ ඩොලර් මිලියන 3.9 කට එනම් ශ්‍රී ලංකා රුපියල් 721,763,500.00 මුදලටය.

ගිල්බට් සහ ජෝර්ජ් පිළිබඳ වැඩි දුර තොරතුරු.

5. “මළ හමුදාව කතා කරයි” –

ජෙෆ් වෝල්

අතීත සිදුවීමි නළු නිළියන් යොදා නැවත ප්‍රතිනිර්මාණය කර ඡායාරූප ගත කිරීම ඡයාරූප කලාවේ අළුත් දෙයක් නොවේ. ඒ සඳහා විවද උපක්‍රම පාවිච්චි කල අතර එය 1990 දශකයේ දී, මොන්ටේජ් සහ පශ්චාත් සැකසුම් ක්‍රමයේ සිට ඩිජිටල් ලෙස රූප හැසිරවීමට යොමු විය. ජෙෆ් වෝල් කැනේඩියානු චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ චිත්‍ර සහ ඡායාරූප වල සම්මිශ්‍රණයක් වන අතර මෙම ” මළ හමුදාව කතා කරයි” චායාරූපය චිත්‍රාගාරයක් තුල නළු නිළියන් සමඟ පිළිවෙලට තබා, තනි කොටස්වල ඡායාරූප ගත කිරීමෙන් පසුව ඩිජිටල් සංස්කරණයෙන් නිර්මාණය කල ප්‍රබන්ධයකි. මෙම රූපය හා සමාන සිදුවීමක් ගැන ඉතිහාස පොත්වල දක්නට කිසිසේත්ම සඳහන් නොවන අතර එය යථාර්ථවාදී යැයි පෙනුනද නිරූපිත පැහැදිලිවම ප්‍රබන්ධයකි: එකිනෙකා සමඟ කතා කරන හා විහිළු කරන බව පෙනෙන මියගිය සොල්දාදුවන් එහි අපට පෙන්වයි. වෝල්ගේ සියලු කෘති අතරින් වඩාත්ම පිළිගත් හා සංවාදයට බඳුන් නිර්මාණයයි මේ.
2002 දී හැසල්බ්ලාඩ් සම්මානය දිනාගත් ජෙෆ් වෝල් ගේ මෙම ඡායාරූපය ඩොලර් මිලියන 3.7 කට එනම් රුපියල් 684,749,987.00 පමණ අලෙවි විය.

6. “නම් නොකළ (කව්බෝයි)” –

රිචඩ් ප්‍රින්ස්

රිචඩ් ප්‍රින්ස් (උපත 1949) ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකු සහ ඡායාරූප ශිල්පියෙකි. 1970 දශකයේ මැද භාගයේදී, ප්‍රින්ස් විසින් ඉවත දමන ලද චිත්‍ර සහ සිතුවම් බාවිතා කරමින් කොලාජ් සාදන ලදී. ඔහු 1977 දී වෙනත් ඡායාරූප ශිල්පීන්ගේ කෘති පිටපත් කිරීමට පටන් ගත්තේය. සෑම් ඇබෙල්ගේ ඡායාරූපයක් නැවත ඡායාරූප ගත කිරීම සහ සිගරට් දැන්වීමකින් ලබාගත් ඔහුගේ රූපය වන නම් නොකළ (කව්බෝයි) හෙවත් Untitled (Cowboy), ක්‍රිස්ටිගේ නිව් හි වෙන්දේසියේදී ඩොලර් මිලියනයකට වඩා අලෙවි වූ පළමු ප්‍රතිමූර්තියයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ඔහු 2005 දී “ඔහුගේ පරම්පරාවේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ කලාකරුවෙකු” ලෙස සැලකේ. ඔහුගේ “නම් නොකළ (කව්බෝයි) කෟතිය ඩොලර් මිලියන 3.4 එනම් රුපියල් 629,229,718.00 පමණ මුදලකට විකිණිනි.

ඔහු ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න

7. “99 සෙන්ස්” II” ඩිප්ටිචොන්-

ඇන්ඩ්‍රියාස් ගර්ස්කි

99 සෙන්ට් II ඩිප්ටිචොන් නම් කලා කෘතිය ඇන්ඩ්‍රියාස් ගර්ස්කි විසින් 1999 දී සාදන ලද ඩිජිටලි සංස්කරණය මගින් වෙන් වෙන්ව ඡායාරූප ගත කල රූප එකිනෙකට බද්ධ කිරීමෙන් නිර්මාණය වූවකි. මෙම කෘතිය සුපිරි වෙළඳසැලක අභ්‍යන්තරය නිරූපණය කරන අතර විවිධාකාර රාක්කයන් මත ඇති භාණ්ඩ නිරූපණය කරයි.
2007 පෙබරවාරි 7 වන දින සොතේබි හි දී ඇමරිකානු ඩොලර් මිලියන 3.34 ක මිලකට මෙය වෙන්දේසි කරන විට මෙම කෘතිය ලොව වඩාත්ම මිල අධික ඡායාරූපය ලෙස ප්‍රසිද්ධියට පත්විය. 2006 මැයි මාසයේදී නිව්යෝර්ක් හි පැවති තවත් වෙන්දේසියකදී දෙවන මුද්‍රණය සඳහා ඩොලර් මිලියන 2.25 ක්ද, තෙවන මුද්‍රණය 2006 නොවැම්බර් මාසයේදී නිව්යෝක් ගැලරියේදී ඩොලර් මිලියන 2.48 කටද අලෙවි විය. 2011 වන විට මේවා අලෙවි වූ සිව්වන හා හයවන වඩාත්ම මිල අධික ඡායාරූප වනු ඇත. ඡායාරූපයේ වටිනාකම රුපියල් 610,722,962.00 පමණ වේ.

8. “ලොස් ඇන්ජලීස්” –

ඇන්ඩ්‍රියාස් ගර්ස්කි

ලොස් ඇන්ජලීස්, 1998 – 1999, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඇන්ඩ්‍රියාස් ගර්ස්කි ගත් දුර්ලභ හා ස්මාරක කෘතියකි. මෙය වෙන්දේසියේදී දැකගත හැකි හය සංස්කරණයේ දෙවැන්න පමණි. මීටර් තුනක දිග සිබාක්‍රෝම් මුද්‍රණයේ විශාලත්වය ඡායාරූපයේ පරමාදර්ශයක් වන අතර එය මාධ්‍යයේ හැකියාවන් පිළිබඳ ආදර්ශමත් සැමරුමකි. ගර්ස්කිගේ ඡායාරූපකරණයේ විශාලතම ඡායාරූප අතුරින්, ඡයාරූප ගනණාවක් කීර්තිමත් හාවඩ් කලා කෞතුකාගාර සහ ලොස් ඇන්ජලීස් හි බ්‍රෝඩ් හි එකතුවෙහි තබා ඇත.ඩොලර් මිලියන 2.9 වටින මෙම ඡායාරූපය රුපියල් නම් 536,695,936.44 පමණ වේ.

9. පොකුණ – සඳ එළිය –

එඩ්වඩ් ස්ටීචන්

එඩ්වඩ් ජීන් ස්ටීචන් ලක්සම්බර්ග් ඇමරිකානු ඡායාරූප ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක්. 1903 සිට 1917 දක්වා කාලය තුළ ඇල්ෆ්‍රඩ් ස්ටීග්ලිට්ස්ගේ කැමරා වර්ක් සඟරාවෙහි බොහෝ විට පළ වූ ඡායාරූප ඔහුගේ ය.

ඔහු මූන්ලයිට් නිර්මාණය කිරීමට වසරකට පෙර, ස්ටීචන් රචනයක් ලිවීය, ඡායාරූප සංස්කරණයේදී වෙනස් කිරීම ෂටරය ක්ලික් කළ යුත්තේ කවදාද කොතැනද යන්න තෝරා ගැනීමට වඩා වෙනස් නොවේ. ඡායාරූප ශිල්පීන්, සෑම විටම ඉදිරි දර්ශනයක් ඇති අතර එය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ රූපවල සත්‍යතාව විකෘති කරයි. ස්ටීචන් අවසානයේ රූපමය වාදය අතහැර දැමුවද, දර්ශන නිර්මාණය කිරීමට උත්සාහ කරන සෑම ඡායාරූප ශිල්පියෙකු තුළම ඔහුගේ බලපෑම දැකිය හැකිය. ස්ටීචන් විසින් මෙම රූපය නිපදවා සියවසකට පසු මුද්‍රණයක් ඩොලර් මිලියන 3 කට ආසන්න මුදලකට අලෙවි විය.

2006 දී පොන්ඩ්-මූන්ලයිට් විකුණන විට එය මාධ්‍යය සඳහා වූ පෙර වාර්තාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව බීබීසී වාර්තා කරයි. ඔටෝක්‍රෝම් භාවිතා කළ පළමු ඇමරිකානුවන්ගෙන් එක් අයෙකු ස්ටීචන් වන අතර, මෙම ඡායාරූපයේ පිටපත් දෙකක් පවතී – වෙන්දේසියේ විකුණන ලද එකක් සහ ද මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ ස්ථිර එකතුවේ අනත් මුද්‍රණය. දල වශයෙන් මිලියන තුනකට ආසන්න වටිනාකමක් ඇතැයි කියන මෙය රුපියල් නම් 555,202,692.00 ට ආසන්න මුදලකි.

10. “නම් නොකළ 153” –

සින්ඩි ෂර්මන්

“ඔබ භීතියට පත්විය හැකිය, කෑගසමින් ඔබේ දෑස් සඟවා ගත හැකිය, නමුත් ඔබ සිනාසෙයි, එය වඩාත් නරක ය, මන්ද එය ඇත්තෙන්ම කරදරකාරී වන මේ දේවලට මුහුණ දීම ඉහළින් හා උත්ප්‍රේරකයක් වන බැවිනි. ඒවා ව්‍යාජ නිසා කමක් නැහැ. ඒ සියල්ල සකසා ඇත. එය සුරංගනා කතාවක් මෙන් ක්‍රියාත්මක වේ. ” – සින්ඩි ෂර්මන්. ඩොලර් මිියන 2.7 වන මෙම ඡයාරූපය රුපියල් 499,682,423.00 පමණ වේ.

 

www.winddirectionlanka.com

 

Leave A Reply

Your email address will not be published.

four × 5 =