පොහොට්ටු සටන් මාතරින් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසක පිරිසක් කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ (21) උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී එම පක්ෂයේම ආධාරකරුවන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවී ඇත. එහිදී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි දෙනියාය පොලීසිය පැවසිය.

මෙහිදී දෙනියාය රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එසේ ප්‍රතිකාර ලබන්නේ රැස්වීම සංවිධානය කල පාර්ශ්වය නියෝජනය කල කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා පොහොට්ටුවෙන් තරඟ වදින (ගාන්දිනී රාජපක්‍ෂගේ පුත්) නිපුන රණවකගේ ආධාරකරුවෙකු වු ජීවන් ලංකාතිලක යන තිදෙනාය.

එම දෙපාර්ශ්වයම මේ පිළිබඳව දෙනියාය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

Leave A Reply

Your email address will not be published.

ten + nineteen =