මාලිංග, සංගක්කාර, මහේල රටේ ජනතාවට උත්තර දෙයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා හෙළිදරව්වක් කළේය

ඒ පිළිබඳව අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ, පැවසුවේ
“රටක් හැටියට මම ඒක හෙළිකරන්න කැමති නෑ. ඉන්දියාවත් එක්ක අපිට දිනන්න තිබුන තරඟයක්.
අපි 2011 ලෝක කුසලානය වික්කා. මං ඒක වගකීමෙන් කියන්නේ . ඒක පාවාදීමක් කරා. මං ඕන්නන් ඒ පිළිබඳව විවාදයක් කරන්න පුලුවන්. කතා කරන්න පුලුවන්. මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන් නෑ. හැබැයි යම්කිසි පාර්ශවයක් විසින් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරා.” යනුවෙනි.

2010 – 2015 අතර කාලයේ ක්‍රීඩා ඇමතිවරයාව ලෙස කටයුතු කලේ මහින්දානන්ද අලුත්ගේ වසර නවයකට පසු මෙම හෙලිකිරීම සිදු කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ එවක කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින් දැක්වූ අදහස් කිහිපයක්.

මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ප්‍රශ්න කර තිබේ.

මහේල ජයවර්ධන පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

“අවුරුදු 09කට පසු අපි බුද්ධිමත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු…” යැයිද ඔහු සඳහන් කර තිබේ

 


2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය පාවදුන්නානම් ඒ සම්බන්ධ තොරතුරු තමන් දන්නේනම් සිදු කළ යුතුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා දූෂණ විරෝධී හා ආරක්ෂක ඒකකය වෙත එම සාක්ෂි ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටකු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.

“හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තම සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා දූෂණ විරෝධී හා ආරක්ෂක ඒකකය වෙත ඉදිරිපත් කල යුතුය. එවිට විධිමත් පර්යෙෂණයක් සිදු කළ හැක.

මෙතරම් බරපතළ කාරණාවක් මෙලෙස ආවට ගියාට හෙළිදරව් කිරීමට ඔහු බලාසිටියේ නම් මෙය හුදු කියවිල්ලක් පමණි.

අපගේ මතකය නිවැරැදි නම් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූයේ ඔහුය.”

හිටපු අමාත්‍යවරයා සදහන් කරන, මෙම විශේෂ ක්‍රිකට් තරඟය නැරඹීම සදහා, එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂද මහතාද ඉන්දියාව බලා ගොස් තිබුණේ ය. එමෙන්ම එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එක්වී සිටි බවය.

“ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා. අපි තරඟය මුදලට පාවා දුන්නා කියලා. හරිම සරළ කාරණාවක් තියෙන්නේ. කරා කියලත් දන්නවානම්, කරපු කට්ටියත් දන්නවනම්, ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. මේ අය තමයි තරඟය පාවාදුන්නේ කියලා දැනුවත් කිරීමේ හැකියාව තියෙන්න ඕනා. එහෙම කරන්න හැකියාවක් නැත්නම් ජනතාව දැනගන්න ඕන ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න…” යැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

“මම ඇත්තටම මේ දේ කියන්න ආවේ 2011 ලෝක කුසලානය ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විදිහට, ඒ වගේම පන්දු යවද්දි පළවෙනි කඩුලු දෙක ලබා දුන්න ක්‍රීඩකයෙක් විදිහට. ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා. අපි තරඟය මුදලට පාවා දුන්නා කියලා. හරිම සරළ කාරණාවක් තියෙන්නේ. මුදලට පාවා දුන්න කියල කියනවා. ඒ දේවල් දන්නවා කියල කියනවා. ඉතිං මම හිතනවා, මේ අපි රටක් විදිහට ඉතාමත් අපකීර්තියට පත් වෙච්ච අවස්ථාවක්. මෙකේ සත්‍ය හොයන්න මම හිතන්නේ නැහැ වැඩි කාලයක් යයි කියලා. මොකද හේතුව, කරා කියලත් දන්නවානම්, කරපු කට්ටියත් දන්නවනම්, ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ.

අනික් කාරණාව තමයි ජනතා නියෝජිතයෙක් විදිහට එහෙම දෙයක් කියනවානම් ජනතාව නොමග යවන්නේ නැතුව ජනතාවට ප්‍රසිද්ධියේ මෙන්න මේ අය තමයි තරඟය පාවා දුන්නේ, මේ අය තමයි තරඟය පාවාදුන්නේ කියලා දැනුවත් කිරීමේ හැකියාව තියෙන්න ඕනා. එහෙම කරන්න හැකියාවක් නැත්නම් ජනතාව දැනගන්න ඕන ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න.”

Leave A Reply

Your email address will not be published.

seventeen + 14 =