මෛත්‍රී – රනිල්ට එරෙහිව නීතිපතිගෙන් නියෝගයක් !

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගෙන් හා හිටපු අග‍මැති
රනිල් වික‍්‍රමසිංහගෙන් ප‍්‍රකාශ ලබා ගන්නා ලෙස නිතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට
නියෝග කර ඇත.
ඊට අමතරව හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ එස්. පාස්කරලිංගම් සහ
හිටපු බැංකු නිලධාරින්ගෙන් ද මෙම වංචාව සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා
උපදෙස් දී තිබෙන බව නිතිපති සම්බන්ධිකරණ නිලධාරිනි අධිනිතිඥ නිෂාරා ජයරත්න සදහන් කරයි.
මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන අයගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
මහ බැංකු බැදුම්කර ගණුදෙනුවේ ප‍්‍රධාන චුදිතයා වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්
මේ වන විට ඔහුගේ නම හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙසද මේ වන විට වෙනස් කර ඇත.

Leave A Reply

Your email address will not be published.

eight + four =