“මම කොරෝනාවටත් වඩා භයානකයි” ගැන facebook අදහස්

“අම්පාර, කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබුන, මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මෙරටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට 2000, 3000 විතර හමුදාවේ අය මරා දැම්මා. තේරෙනවානෙ, එයා කියපු එක හරි. ආයේ ගත්තොත් කිලිනොච්චිවලත් කීදාහක්ද ?” යනුවෙන් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබලයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කර ඇති ප්‍රකාශය පිළිබඳව මුහුනුපොතෙහි අදහස් දැක්වූ කිහිප දෙනෙකුගේ සටහන් පහත දැක් වේ.

මිනිස්සු මරාදාපු ඉතිහාසයේ අලි කොටි නරි එක්ක හැම පාටෙ ම පක්ෂ ගෑවිලා හිටියා.තාම කටේ මිනී මස් ගඳ.තාම ලේ වේලිලා නෑ අතේ!ඒකයි කවුරු කවුරුත් ලේ සුවඳ ගැන හිටි ගමන් වමාරන්නෙ.!!
-උපුල්ශාන්ත සන්නස්ගල

තොගේට මිනී මරපු එවුන් ඊළඟට ඉල්ලුවෙ බලය.රජකම .
ඕන පාටක ඕන ආගමක ඕන පක්ෂෙක ඒ රොත්ත බුරුත්ත රජ කරවන්න ඔයාලා කඩේ ගියාට කමක් නෑ!
අපිව මාරාගෙන කන්න එපා !

මෙිවට කේන්ති අරන් වැඩක් නෑ මෙික තමයි තමන්ගෙ ඡාතිකත්වය මතින් කරන එයාලගෙ දේශපාලනය. මහින්දල සිංහල ඡාතිකත්වයේ හදවතට කතා කරනකොට කරුණල කතාකරන්නත් ඔන සිංහල ඡාතිකත්වය වෙනුවෙන්ද ? නෑ මිනිහ කතාකරන්න ඔන මිනිහගෙ ඡාතිකත්වය වෙනුවෙන්. මිනිහ එහෙම කතාකරන කොට අපිට කේන්ති යනව. හැබැයි මහින්ද එහෙම කතාකරනකොට අපිට කේන්ති යන්නෑ අපේ හදවත් රත්වෙනව. ඇයි ඒ ? ඒක තමයි අපේ ඡාතිවාදය ! මහින්දල එහෙම කතාකරනකොට දෙමළට කේන්ති යනව. කරුණ කතාකරනකොට හදවත් රත්වෙනව ඇයි ඒ ? ඒ තමයි දෙමළ ඡාතිවාදය
-උපාලි ජයසිංහ

අපිනම් දෙමළ අරගලයෙ සාධනීය දේවල් දැක්කා.ජාතිවාදි අරමුණක් ඇතිව කිසිම කෙනෙක් මැරෙන් නැති,මරන් නැති පොළවක් අපේ සිහිනය.යුද්ධය නිමාව කියන්නෙ හරි සාමයද කියන කාරණය අපි ප්‍රශ්න කළේ ජාතීන් අතර සංහදියාවක්,දේශපාලනික හා සමාජීය වශයෙන් ස්ථාපිද නැද්ද කියන උභතෝටිකය මත පදනම්වයි.ඒක තමයි මේ කරුණා විකුණන්නෙ.කරුණාව,ආදරය,මිත්‍රශීලීබව,වෙනුවට තවම දෙමළ හදවත මරා දාපු හමුදා ජීවිත ගණනට කැමතිනම්,යුද්ධයට අවශ්‍යය අඩුම කුඩුම ටික තවමත් මේ සමාජය තුළ නොනැසී තියෙනවා නොවේද?අහල බලන්නකො රණවිරු ආදරවන්තයන්,………..
-නිශ්මන් රණසිංහ

සිංහළ සොල්දාදුවන් සිංහළ රට සිංහළ බෞද්ධකම ගැන පාරම්බාන රාජපක්ෂ දේශපාලනය තුල ඉඳගෙනම කරුණා අම්මාන් මෙහෙම කියනව.අපි බලමු හෙට වෙනකොට මේ කතාව අනිත් පැත්තට හරවල බන්ධුල ගුණවර්ධන තෙමේ රටට කියන කුණුහරුපය. කරුණා අම්මාන් යනු පොහොට්ටුවේ ප්‍රබල චරිතයක් .
-රසල් සීපී බන්ඩරාවත්ත

ඒ උනාට කරුනා නිසයි යුද්දෙ දින්නෙ කියන සෑහෙන සිංහල බෞද්ධ පිරිසක් අපි අතර ඉන්නව . කරුණ නෙමෙයි ප්‍රබා . පොට්ටු අම්මාන් හරි පොහොට්ටුවෙනි චන්දෙ ඉල්ලුවොත් ඒයාල වීරයො කරයි මේ මිනිස්සු.
-ගාලුගේ ප්‍රනාන්දු

ආයුධ අතටගෙන සිටි ත්‍රස්තවාදියකු ආයුධ බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පැමිණීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ආදරයෙන් බාරගතයුතු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් කරුණා අම්මාන් සිය ප්‍රකාශය කරන්නේ ආඩම්බරයෙනි. වීරත්වයෙන් යුතුවය. ඔහු තවමත් ඔහුගේ මිනිමරු ඉතිහාසය ගැන ආඩම්බරයෙන් පසුවෙයි. ඒ ගැන කණගාටුවක් හෝ පසුතැවීමක් නොමැතිව මිනීමරු මතවාදය උත්කර්ෂයට නගමින් සිටියි.

කරුණා අම්මාන් සහ තමිලිනි ජෙයක්කුමාරන් වෙනස්වන්නේ කොතැනින්දැයි තේරුම් ගන්න.

Ltte දේශපාලන අංශ නායිකාව වූ “තමිලනී අක්කා” සිය ඉතිහාසය සහ පූර්ව ක්‍රියාකාරකම් පිළිබඳව පසුතැවෙමින් තමිලිනී ජෙයක්කුමාරන් වන විට විනයාගමූර්ති මුරලිදරන් තවමත් කරුණා අම්මාන්ව අතහැර නැත..

ඒ නිසා අංගුලිමාල සහ කරුණාව සමාන කර තේරුමක් නැති අතර මිනීමරු අංගුලිමාල ආයුධ බිම තිබ්බාට පසු කොසොල් රජතුමත් මට බයේ හිටියෙ ඩෝ.. 999ක් මරපු මට ගල් ගහන උන් කජ්ජක් ද කියා තැන තැන දෙඩෙව්වේ නැත.
-චමල් අකලංක පොල්වත්තගේ

කරුණා අම්මාන් එවක හමුදාව සමග වූ සටන්වල දී හමුදා සාමාජිකයින් මරා දැමූ බව අමුතු දෙයක් නොවේ. හමුදාව ද ඇති තරම් කොටි ත්‍රස්තයින් මරා දමා ඇත. එහෙයින් කරුණා අම්මාන් රැස්වීමක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන එජාප/ජවිප පිරිස් ජාතිවාදය ඇවිස්සීම සඳහා කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

මේ අතර, කරුණා පසුකාලීන ව ත්‍රස්තවාදය මුළුමනින්ම අතහැර දැමූ අතර, ත්‍රස්තවාදය විනාශ කිරීමේ සටනට ද සහාය වී, ජවිපය වැනි ත්‍රස්තවාදීන් පරිදිම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පසුව එක්ව ඇති බව කිව යුතුය. ඒ තුළ ඔවුන්ට මෙරට පුරවැසියෙකු ලෙස ලැබිය හැකි සියළු වරප්‍රසාද හිමි බව ද සඳහන් කළ යුතුය.
-මහින්ද පතිරණ

කරුණාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් Mahinda Pathirana කියන දේ සමඟ මම මුළුමනින්ම එකඟය කරුණා කොටි සංවිධානයේ නායකයෙක් ව සිටි බව නොදන්නේ කවුද? ඔහු ලංකා හමුදාවට විරුද්ධ එල්ටීටීඊ ප්‍රහාර මෙහෙව වූ බව කවුරු නොදනිත් ද?
නමුත් මහින්ද ගේ ප්‍රකාශයේ ඉතිරි කොටස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුකළ හැක. ජවිපෙ ත්‍රස්තවාදී යුගයේ ක්‍රියා මතක් කරමින් ජවිපෙට පහර දීම මහින්ද ගේ කඳවුරේ ජවිපෙට විරුද්ධ ප්‍රධාන අවියකි. ඒ ගැන මහින්ද පතිරණට කිව හැකි දෙයක් තිබේද?
-නිර්මාල් රන්ජිත් දේවසිරි

බලය වෙනුවෙන් උතුරේදී හමුදා සෙබළුන් දහස් ගණනින් මරාදැමූ බව කියමින් කරුණා ලවා චන්ද එකතු කරන රාජපක්ශ කදවුර..දකුණේදී LTTE ත්‍රස්තවාදීන් මරා යුද්ධය අවසන් කල නිසා චන්දය දෙන්නැයි කියයි…

-අසිත නිරෝෂණ ඊ.ඩබ්.

“කොරෝනා ඇවිල්ලා මැරුණේ 9 දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩ දි හමුදාවේ 2000ක් 3000ක් මරලා දැම්මා.. කිලිනොච්චි වලත් කී දාහක් ද ?”

කරුණා එසේ කියද්දී තමිලිනී සිය ස්වයංලිඛිත චරිතාපදානයේ මෙසේ කියයි.

“කිසිම මාතාවක් තම දරුවාව වැදූ කුසටද දරුවාව හොවා ඇති මිනීපෙට්ටියටද ගසමින් හඬා වැලපීම නොකළ යුතු ය.
ආයුධ එසවීම මගින් හෝ එසේත් නොමැතිනම් පලියට පලි ගැනීම මගින් හෝ මගේ සමාජයටවත්, රටටවත් , ලෝකයාටවත් කිසිම යහපතක් කළ නොහැකිය යන්න අපේ අත්දැකීම අපට උගන්වා ඇත. “

“දෙමළ පොතෙන් ලැබෙන සල්ලි
අම්මටයි,දුප්පත් අයටයි දෙන්න..
සිංහල පරිවර්ථනයෙන් ලැබෙන සල්ලි
මහරගම පිළිකා රෝහලට දෙන්න..”

– එල්ටීටීඊ හිටපු දේශපාලන අංශ නයිකා තමිලිනී ජෙයක්කුමාරන් –

-කසුන් පුස්සෙවෙල

කරුණා අම්මාන් සහ රාජපක්ෂ දේශපාලනය

Leave A Reply

Your email address will not be published.

three − 2 =