අයි එස් ත්රස්තවාදයට මුස්ලිම් ජනතාවගේම විරෝධය
අයිඑස් ත්රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලමප්රදේශයේ දහසකට අධික මුස්ලිම් ජනතාවක් පසුගිය 17 වන දින වීදි පුරා සංචාරය කර අයිඑස් ත්රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ.
පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් සහ පුත්තලම ප්රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි.
දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.
වසර 30 ක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස අයිඑස් ත්රස්තයින්ට ශාප කරන බවද ඔවුහු පැවසූහ.