“මම කොරෝනා වළට වඩා භයානකයි, එක රැයට 2000, 3000 විතර හමුදාවේ අය මරා දැම්මා”

-විනයාගමූර්ති මුරලිදරන් (කරුණා)

මෙරට කොරෝනා වෛරසයෙන් මියගොස් ඇත්තේ ඉතාම සුළු සංඛ්‍යාවක් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් එල්ටීටීඊ සංවිධානයේ සිටියදී එක රැයකින් මරා දැමූ හමුදා සෙබළුන් සංඛ්‍යාව තරම් ප්‍රමාණයට සාපේක්ෂව බැලු විට එසේ බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබේ.

අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“අම්පාර, කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබුන, මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මෙරටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට 2000, 3000 විතර හමුදාවේ අය මරා දැම්මා. තේරෙනවානෙ, එයා කියපු එක හරි. ආයේ ගත්තොත් කිලිනොච්චිවලත් කීදාහක්ද ?” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කර තිබිණි.

මෙවර මහමැතිවරණයේදී ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව තමන්ට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වූ නමුත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යාම සඳහා තමන් දෙමළ එක්සත් නිදහස් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබිණි.

Leave A Reply

Your email address will not be published.

7 + 4 =