රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස්.නි. වෙඩිතබාගෙන මිය යයි

කල්මුණේ පොලිස්ථානයේ අනුයුක්තව රාජකාරි කළ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරියෙක් එම පොලීසිය තුලදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඊයේ (19) පැවසීය.

එම පොලිස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලය තුළදීම ඊයේ සවස 5.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.

වෙඩි තබාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරි කළ යාපනේ පදිංචි 21 හැවරිදි පොලිස් නිලධාරියෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ඒ පිලිබඳ පරීක්ෂණ කරගෙන යනු ලබන බවද සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

two + nineteen =