සිනමා ශාලා ජුනි 27 සිට විවෘත කිරීමට තීරණය කරයි
කොරෝනා අවදානම පහව යමින් තිබෙන අතරතුර දිවයිනේ සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.
මේ අතර සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් සිනමා ශාලා වසා දමා තිබුණි.