“2011 ලෝක කුසලානය පවා දුන්නා” එදා හොඳ අද නරක පාවාදෙන්නා කව්ද?

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිරස TV වෙත හෙළිදරව්වක් කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ,
“රටක් හැටියට මම ඒක හෙළිකරන්න කැමති නෑ. ඉන්දියාවත් එක්ක අපිට දිනන්න තිබුන තරඟයක්.
අපි 2011 ලෝක කුසලානය වික්කා. මං ඒක වගකීමෙන් කියන්නේ . ඒක පාවාදීමක් කරා. මං ඕන්නන් ඒ පිළිබඳව විවාදයක් කරන්න පුලුවන්. කතා කරන්න පුලුවන්. මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන් නෑ. හැබැයි යම්කිසි පාර්ශවයක් විසින් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරා.”

මේ කාලය තුළ එනම් 2010 – 2015 අතර කාලයේ ක්‍රීඩා ඇමතිවරයාව ලෙස කටයුතු කලේ මහින්දානන්ද අලුත්ගේ මය. ඔහු විසින්ම මෙවන් කතාවක් කීම පුදුම විය යුතු කරුණකි. එහෙත් මේ අවස්ථාවේ මහින්දානන්ද මෙම අභියෝගය ඉල්ලන්නේ කාගෙන්ද?. එදා ආණ්ඩුව, ආණ්ඩුවට අවශ්‍ය විදිහට පත්කර ගත් ක්‍රිකට් පාලක මණ්ඩලය, මේ ගැන තවමත් නොදන්නෙහිද. ක්‍රීඩකයින් ද නොවන මෙම පාවාදීම සිදු කලේ කවුද?. මෙම සැකය තරඟය අවසන් වන විටම බොහෝ ක්‍රීඩා ලෝලීන්ට සැකයක් පහල විය. තරඟය පාවාදුන්නා දැයි සැකයක් තිබුනේ නම් මහින්දානන්ද ක්‍රීඩා ඇමති වරයා ලෙස නොදැන ගෙන සිටියා වීමට බැරිය. එදාම නොවුනත් ඇමතිවරයා තවත් අවුරුදු වසර හතරක් බලයේ සිටියේය. එම කාලය තුළ අසාදාරනය නොපෙනුන නැතිදැයි ඇසිය යුතුය. මෙම අභියෝගයෙන් මතුවන එක් කරුණක් ඇත. ඒ මෙම පාවාදීමට වගකිව යුත්තා මෙවර පොදුජන එක්සත් පෙරමුනට අහියෝගයක් විය හැකි කෙනෙකු බව පැහැදිලිය. එසේ නොවන්නට අදටත් එසේ පාවාදීමක් සිදුවී ඇත්නම් එය හෙළිවන්නේ නැත.

අපට ක්‍රිකට් රට වෙනුවෙන් හෝ අපේ උන් වෙනුවෙන් වුනාට ක්‍රීඩා ඇමතියන්ට සහ ක්‍රිකට් බලධාරීන්ට ක්‍රිකට් විහිළුවකි, සුදුවකි.
මෙය පාවාදුන්නා යැයි කීමට කරුණු කිහිපයක් ඇත. ඒ ක්‍රිකට් ලෝලීන්ටද පැනනැගි ගැටලුය.

  1. අවසන් තරඟයට පමණක් ක්‍රීඩකයන් හතර දෙනෙකු වෙනස් කළේ මන්ද?.
  2. මෙම තරංඟ මාලාවේදී එකම තරඟයකටවත් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙකු මෙම තරඟයට පමණක් යොදා ගත්තේ මන්ද?.
  3. ලසිත් මාලිංගගේ පන්දු යැවීම අවශ්‍ය අවස්ථාවේදී යොදා නොගත්තේ මන්ද?.

යන කරුණුය. විශේෂයෙන් මෙම ලෝක කුසලාන අවසන් තරඟය අවසානයේ ආරම්භ වීමට තිබුනේ IPL තරඟාවලියයි. මුදල් මතම පවත්වන මෙම IPL සඳහා තෝරාගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ලන්සුව තීරණය වන්නේ මෙම අවසන් මහා තරඟයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මතය. එනිසා මෙම මහින්දානන්දගේ හෙළිදරව්වේ වගකිව යුත්තා එදා කණ්ඩායමට වගකිවයුතු, මේ වන විට පොදුජන පෙරමුණට එකඟ නොවන සහ විරුද්ධපක්ෂයට සහය දක්වන පුද්ගලයෙක් විය යුතුය.
මෙම පාවාදීම පාවාදීම මොකා කලත් මහින්දානන්ද ලාගේ මතයෙන්ම ගත විට රට පාවාදීමකි. ඊටත් වැඩිය අපරාධය වන්නේ එවක වගකිවයුතු ක්‍රීඩා ඇමතිවරයා මෙම රහස සඟවා සිටීමයි. අද මහින්දානන්ද මෙම රහස හෙළිකරන්නේ රටට, ජාතියට, ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසාද?. කෙසේ නමුත් මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයෙකුගෙන් සත්‍ය, සාධාරණය බලාපොරොත්තු විය හැකිද?.

Leave A Reply

Your email address will not be published.

one × three =