ඩොලර් මිලියන දහසක ණයක් ගන්න කැබිනට් අනුමැතිය
ඉදිරි මැතිවරණය අවසන් වන තුරු එනම් 2020 ජුනි සිට අගෝස්තු මාසය දක්වා වන කාලය වෙනුවෙන් අවශ්‍ය වියදම් සඳහා ආණ්ඩුව ඩොලර් මිලියන 1000ක බැඳුම්කර ණයක් ගැනීමට සැරසෙන බව වාර්තා වේ.
අදාළ බැඳුම්කර ණය මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විදේශ විනිමය බැංකු ඒකක මගින් ලබා ගැනීමට යන බවද පැවසේ.
එනම් එම ජුනි සිට අගෝස්තු මාසය දක්වා ණය හා පොලී ගෙවීම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,276ක මුදලක් අවශ්‍යව ඇති හෙයින් අදාළ ණය මුදල ලබා ගැනීමට කැබිනට් අනුමැතියද හිමිව තිබේ.
මෙම මුදල ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ්‍ය විසිනි.