ඉංදියාවේ තත්වය බරපතලයි – ආසාදිතයින් ලක්ෂ 80 ට වැඩි වේවි

 

කොවිඩ් 19 වෛරසය මේ වනවිට සමස්ථ ඉන්දියාවම ඔත්පල කරමින් පැතිර යමින් තිබේ. ඉන්දියාවේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූ ජනවාරි 30 වෙනිදා සිට ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැගි රෝගීන් සංඛ්‍යාව මේ වන විට 359,506 දක්වා වර්ධනය වී 12,029 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. ගෙවුණු පැය විසි හතර තුල ලොව වැඩිම මරණ සංඛ්‍යාව වූ 2006 දෙනෙකු වාර්තා වූයේද ඉංදියාවෙනි. ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයේ පිහිටි තමිල්නාඩුවේ මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 50,193 ක් පමණ සිටී.

ඉතා වේගයෙන් ඉංදියාව පුරා පැතිර යන වසංගතය ජූලි මාසය අවසන් වනවිට ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි බව එරට වෛද්‍යවරුන් අනුමාන කරන අතර ආසාදිතයින් ගණන ලක්ෂ 80 සිට කෝටිය දක්වා වැඩිවිය හැකි බවට අණතුරු හඟවයි. ජනවාරි 30 සිට දින 100 ගතවන විට එරට ආසාදිත සංඛ්‍යාව ලක්ෂයක් විය. දෙවැනි ලක්ෂය වාර්ථා වූයේ එතැන් සිට සති දෙකක කාලයක් තුලය. ලක්ෂ 3 සීමාව මේ වන විට පසුකර අවසන්ය. ඉංදියාවේ මෙම පවතින තත්වය මෙරට ආර්ථිකයට ප්‍රබල ලෙස බලපානු ඇත.

-රසල් සීපී බංඩාරවත්ත 

Leave A Reply

Your email address will not be published.

twelve − 8 =