ඉකුත් පැය 24 ට ඉන්දියාවෙන් ආසාදිත මරණ 2,003 ක්

ඊයේ සිට අද (17) සවස වන පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,003 ක් වාර්තා තිබේ. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,54,065 ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ ගණන 1,55,227ක් වෙයි. වයිරසය ආසාදනය වූ සුව වූ ගණන 1,86,935කි.

මෙම සංඛ්‍යාලේඛන වලට අනුව ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද වනවිට වාර්තා වූ ආසාදිතයන් ගණන 1,13,445ක් ද තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 48,019දෙනකු හඳුනාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

two + two =