හිරුණිකාට සිතාසි – අද දින ම ක්‍රියාත්මක කිරීමට නියෝග

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න නියෝග කර තිබේ.

නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැති බව වාර්තාවේ.

මේ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීම අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු 2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Leave A Reply

Your email address will not be published.

15 + 5 =