අමෙරිකාවටත් වඩා අමෙරිකන් වූ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය

පසුගිය 9 වැනිදා(ජුනි 09) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය යොදා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළ කරමින්, භාෂණයේ, රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය අහෝසි නොකරන ලෙස බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් ඊයේ (16) කොළඹ, ලිප්ටන් වටරවුමේදී නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
එම සිදුවීමේ දී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් 42 දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මෙහිදී පොලිසිය පවසන්නේ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි. එහෙත් විරෝධතාවය පැවැත්වීමටත් ප්‍රථමව 22 නෙකු අත්අඩංගුවටගත්තේය. එපමණක් නොව ඔවුන් පිළිබඳව විමසීමට ගිය නීතිඥයින් කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

Leave A Reply

Your email address will not be published.

five × four =