බ්‍රිතාන්‍ය කොවිඩ් – 19 ට ලාබදායී ප්‍රථිකාරයක් සොයාගනී

ඩෙක්සමෙතසෝන් නම් ⁣⁣ඖෂධය, වාතාශ්‍රය ලබා දෙන රෝගීන්ගේ මරණ සංඛ්‍යව තුනෙන් එකකටත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව පහෙන් එකකටත් අඩු කරණ බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසයි.
ඩෙක්සමෙතසෝන් කෝටිකෙස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධයක් වන අතර රූමැටික්, සමේ රෝග ගනණාවක්, අසාත්මිකතාවය, ඇදුම, නිධන්ගත පෙනහළු රෝග සහ මොලයේ ඉදිමීම වැනි රෝග සඳහා භාවිතා කරන අතර මුඛයෙන් හෝ එන්නත් මාර්ගයෙන් ශරීරයට ඇතුළු කල හැක. මෙම සොයා ගැනීම “විශාල ඉදිරි ගමනක්” ලෙස ඔවුහු විස්තර කරන බ්‍රිතාන්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය්‍ය ක්‍රිස් විට්ටි පවසන්නේ මෙය කොව්ඩ් 19 සඳහා කළ අත්හදා බැලීම් අතර වඩා සාර්ථකම එක බවය.

සොයාගැනීම් ප්‍රකාශයට පත් කර ඇත්තේ වෛරසය වැළඳුන විවිධ පුද්ගලයන් සඳහා කරන ලද ප්‍රතිකාරයන්ගේ පුතිචාරයනි තක්සේරු කිරීමෙනි.
මෙම ඖෂධය මීට පෙර භාවිතා කළේ නම් ජීවිත 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් වෛරසයෙන් බේරා ගත හැකිව තිබූ බව විශ්වාස කෙරේ.
පර්යේෂණයේ සම නායකත්වය දරන ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙකු වන මාටින් ලෑන්ඩ්‍රේ මෙසේ පැවසීය: “කොවිඩ් 19 නිසා කෘතීම වාතාශ්‍රය මත හෝ ඔක්සිජන් මත සිටින රෝගීන්ට ඩෙක්සමෙතසෝන් ලබා දුන්නොත් එයින් ජීවිත බේරා ගත හැකි බව පෙන්නුම් කරයි අතර සුවිශේෂ කාරණාව වන්නේ ඉතා මිළ අඩුය.

ඩෙක්සමෙතසෝන් ප්‍රථම වරට සොයා ගත්තේ 1957දී වන අතර 1961දී වෛද්‍යමය භාවිතය සඳහා අනුමැතිය දෙමින් ලොත සෞඛ්‍ය සංවිධානය එය අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට ඇතුළත් කළේය.

“බ්‍රිතාන්‍ය රෝහල් සේවය තුල සාමාන්‍යයෙන් මෙම ⁣ඖෂධයෙන් කරන පුථිකාර මාලාවකට වැයවන මුදල පවුම් 5 කි. අනික් රටවල බොහෝ දුරට එම වියදම ඩොලරයක වටිනා කම විය හැක ඉන්දියාව උදාහරණයකට ගතහොත්.”

පරීක්ෂණ කණ්ඩායමේ උපනායක පීටර් හෝර්බි පවසන්නේ ඩෙක්සමෙතසෝන් – දැවිල්ල අඩු කිරීම සඳහා වෙනත් රෝග වල බහුලව භාවිතා වන සාමාන්‍ය ස්ටෙරොයිඩ් – “මරණ අනුපාතය අඩු කිරීම සඳහා මෙතෙක් පෙන්වා ඇති එකම ඖෂධය එය වන අතර “එය විශාල ඉදිරි ගමනක්” ඔහු පැවසීය.

කොවිඩ් – 19 සඳහා දැනට අනුමත ප්‍රතිකාර හෝ එන්නත් නොමැති අතර වෛරස් ප්‍රතිකාර අත්හදා බැලීමේ පර්යේෂණ කිරීම සඳහා මාර්තු මාසයේ දී එය පිහිටුවන ලද දින සිට බුිතාන්‍ය ජාතික රෝහල් සේවයෙි රෝහල් 175 ක රෝගීන් 11,500 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසාධන පරීක්ෂණයට ඇතුළත් කර ඇත.

ඩෙක්සමෙතසෝන් අධ්‍යයනයේ දී රෝගීන් 2,104 කට දිනකට එක් වරක් මුඛයෙන් හෝ ඉන්ට්‍රාවෙනස් එන්නත් කිරීමෙන් දින 10 කට ඩෙක්සමෙතසෝන් මිලිග්‍රෑම් 6 ක් ලබා දී තිබුණි. එහි ප්‍රථිපල පාලනය කරන ලද රෝගීන් 4,321 ක කණ්ඩායමක් සමඟ සංසන්දනය කරන ලදී. දින 28 ක කාලයක් තුළ, වාතාශ්‍රය අවශ්‍ය රෝගීන් අතර මරණ අනුපාතය 41% ක් වූ අතර ඔක්සිජන් අවශ්‍ය අයට එය 25% කි.
ශ්වසන මැදිහත්වීම අවශ්‍ය නොවන අය අතර එම සංඛ්‍යාව 13% කි. මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ වාතාශ්‍රය අවශ්‍ය රෝගීන් සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව අඩු කළ නමුත් ශ්වසන ආධාර අවශ්‍ය නොවන රෝගීන්ගේ මරණවල වෙනසක් සිදු නොවූ බවයි.

එක්සත් රාජධානියේ කෙරෝනා වෛරස් වැලඳී ඇතැයි ස්ථිර කරන ලද රෝහල්, වැඩිහිටි සත්කාරක නිවාස සහ පුළුල් ප්‍රජාව තුළ පුද්ගලයින් 41,700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව බුිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, එක්සත් රාජධානිය පුරා COVID-19 සම්බන්ධ සියලු මරණ රජයේ සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන අතර එය 52,000 ඉක්මවා ඇති බව විශ්වාස කෙරේ.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

සුළඟේ දිසාව

බ්‍රිතාන්‍ය විද්‍යඥයන් කොවිඩ් – 19 ට ලාබදායී ප්‍රථිකාරයක් සොයාගනී

 

Leave A Reply

Your email address will not be published.

ten + ten =