හිටපු මහ බැංකු අධිපති ‘අර්ජාන් ඇලෙක්සැන්ඩර්’ වෙයි

මහත් ආන්දෝලනයට පත් වූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින පසුගිය රජයේ හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “අර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙනඇත. තිබෙන බවට .

මෙම නඩුව අද (16) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ජාත්‍යන්තර පොලීසිය මඟින් එය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී තිබේ

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින දැනට අධිකරණය මඟ හැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම “අර්ජාන් ඇලෙක්සැන්ඩර්“ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි දැනුම් දුන්නේය.

Leave A Reply

Your email address will not be published.

fifteen + five =