කොවිඩ් 19 හේතුවෙන් ඉන්දියානුවන් මිලියන 250 ක් මන්දපෝෂණයෙන්

සිය ජනගහණයෙන් බිලියනයෙන් හතරෙන් පංගුවකට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට ඉන්දියාවට වසර 10 ක් ගතවිය. කොරෝනා වයිරසයට ස්තූතියි, ඊට සමාන සංඛ්‍යාවක් නැවත පසුපසට වැටේ.

අධික හිරු රශ්මිය මධ්‍ය යේ ඉදිරියට ඇදෙන ලලිතා ගේ ගමන් මල්ලේ ඇඳ ඇතිරිල්ලක්, සාරියක් යට ඇඳුමි කිහිපයක් , ලොමි ජැකට් එකක් , හැඳි කිහිපයක් සහ පැරණි පුවත්පත් කිහිපයක් තිබුණි. සොච්චම් භෞතික දේපළ හැරුණු විට ලලිතාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 7,500 ක් පමණි.
මුමිබායි නගරයේ ඉදිකිරීම් කම්කරුවන් ලෙස සේවය කල ලලිතා කොරෝනා වෛරස් අගුලු දැමීම හේතුවෙන් රැකියාව අහිමි විය. ඇය මෙි යමින් සිටින්නේ අන්ද්‍රා ප්‍රෙද්ශයේ සිය උපන් ගම කරාය
“අවුරුදු පහක් නගරයේ ජීවත් වීමෙන් පසු අප ඉතිරි කර ඇත්තේ එපමණකි එහෙත් අප නගරයට පැමිණෙන විට බැංකුවේ රුපියල් 120,000 ක් තිබිණි”
කොරෝනා වයිරසය සහ ආර්ථික අර්බුදය යන ද්විත්වය හේතුවෙන් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කරන ඉන්දියානුවන් මිලියන 260 අතර ලලිතා සහ ඇගේ සැමියා ද සිටිති.
ඉන්දියානු ආර්ථිකය අධීක්ෂණ මධ්‍යස්ථානයේ ඇස්තමේන්තු වලට අනුව මාර්තු 24 වන දින රට දැඩි ලෙස වසා දැමීම ආරම්භ කළ දින සිට පුද්ගලික අංශයේ සෙවය කළ ඉන්දියානුවන් මිලියන 122 ක් පමණ රැකියා වලින් ඉවත් කර ඇත.
“වෛරසය අභියෝග දෙකක් ඇති කරයි: දුප්පතුන් අතර ජීවිතයට තර්ජනයක් සහ දරිද්‍රතාවයේ වැඩි වීම. මින් අයහපත් අතුරු ප්‍රතිපලය වන්නේ මන්දපෝෂණය පිළිබඳ පුරෝකථනය කළ හැකි කෙටිකාලීන වැඩිවීමයි. එය මිනිසුන්ගේ වත්කම් හෝ පානීය ජලයට වඩා තුන් ගුණයක් බරින් යුක්ත වන බැවින් එය විශාල බලපෑමක් ඇති කරයි. , මන්දපෝෂණය වැළැක්වීම ඉතා වැදගත් වේ, විශේෂයෙන් ළමුන් තුළ . එය ඔවුන්ගේ මොළයේ වර්ධනයට බලපායි.”
රුපියල් කෝටි 1.7 ක් වටිනා මූලික සහන පැකේජයක් ඉන්දියානු රජය විසින් එළිදක්වා දින 45 කට පසුව මෙම මුදල් ක්‍රියාමාර්ගයක් බවට පත් කරන ලදී. එහෙත් බොහෝ ආර්ථික විද්‍යාඥයන් එය විවේචනය කරමින්, අගුලු දැමීමෙන් අහිතකර ලෙස පීඩාවට පත්වූ මිලියන සිය ගණනක් ඉන්දියානුවන්ට උපකාර කිරීම සඳහා රජයට ඊට වැඩි මුදලක් වැය කරන ලෙස ඉල්ලා සිටියහ.වසංගතය ඇතිවීමට පෙර පවා මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට ආහාර ගැනීමට ප්‍රමාණවත් ආහාර නොලැබුණු බව වාර්තා හා විශ්ලේෂණයන් පෙන්වා දෙයි. නිදසුනක් වශයෙන්, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දියානුවන් මිලියන 250 ක් පමණ දැනටමත් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

-උපාලි ජයසිංහ

 

 

Leave A Reply

Your email address will not be published.

thirteen − three =