මිලින්ද මොරගොඩ ඉන්දීය තානාපති කරයි !
ඇමරිකාව සහ ඉන්දියාව සමග සෘජු සම්බන්ධකම් පවත්වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.
ලබන අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මේ පත්කිරීම සිදු වේ. ඒ සමගම යුරෝපා රටවල් රැසක් නියෝජනය කරන මෙරට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ පුළුල් වෙනසක් සිදු කරනු ඇතැයි ද ජනාධිපතිවරයාගේ විදේශ සබදතා පිළිබද කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් මිලින්ද මොරගොඩ මෙම තනතුරට පත්කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සමීප පාර්ශ්ව රැසක් විරෝධය පළ කර ඇත. ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික සේවයේ කටයුතු ජ්‍යේෂ්ඨයන් වන තමාරා කුනනායගම් ඇතුළු පිරිසක් ද වේ.