අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට !

පරිප්පු, මුංඇට, කඩල හා පොල් යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැුසක මිල ඉහළ ගොස් ඇතැයි අත්‍යවශ්‍ය
ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය පවසයි.
අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය රැුසක ආනයන බදු ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ඉහළ ගොස් ඇතැයි එම
සංගමයේ ලේකම් ජී. නාදන් මහතා ප‍්‍රකාශ කළේය.
පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 100 දක්වාත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් 400 දක්වාත්,
සැමන් ටින් එකක මිල රුපියල් 400 සිට 420 දක්වාත්, පරිප්පු කිලෝවක මිල රුපියල් 18 කිනුත් ඉහල
ගොස් ඇතැයි එම සංගමය සදහන් කරයි.
ඊට අමතරව මුං ඇට, කඩල, හල්මැස්සන් ආදි ආහාර ද්‍රව්‍යවලද මිල ඉදිරියේදි ඉහළ යා හැකි බවද ඔවුන්
කියා සිටියි

Leave A Reply

Your email address will not be published.

fourteen + 12 =