විශ්වවිද්‍යාල සිව්වන වසරේ විභාග ඉදිරි 22 සිට

දිවයිනේ සෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග ඉදිරි 22වදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය. විශ්වවිද්‍යාල තුළ එක්රැස් වීම් හෝ ක්‍රීඩා සහ විනෝදාත්මක කටයුතු සඳහා යළි දැනුම් දෙන තුරු අවසර ලබානොදෙන බවද පවසයි.
එමෙන් ම සිව්වන වසරේ විභාග කටයුතු අගෝස්තු මස 15 වනදා අවසන් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අගෝස්තු 15 වනදා වන විට සියළු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග අවසන් විය යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ඊට අදාළ කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දෙන බවද මෙහිදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති පැවසිය.

Leave A Reply

Your email address will not be published.

ten − 10 =