සජිත් ළගට ගිය සීයක් ඉවතට !

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්ව පසුව සමගි ජන බලවේගයට සම්බන්ධ
වූ පළාත් පාලන ආයතන නියෝජිතයන් සියයකට ආසන්න පිරිසක් ඉවත් කොට මහ මැතිවරණයට පෙර අලූත්
නියෝජිතයන් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇත.
පළාත් පාලන ඡන්දයට එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් පත්වූ මහ නගර සභා, නගර සභා හා
ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් පසුගිය දා සමගි ජන බලවේගයට සහාය දක්වන බව
ප‍්‍රකාශ කළහ.
එම පිරිසට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම්
අකිල් විරාජ් කාරියවසම් මහතා පසුගිය දා පැවසීය.
එම මන්ත‍්‍රීවරුන් පිරිස නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා කරන බවත් එසේ නොහැකි වුවහොත්
ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් මහලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළේය.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

twenty + 7 =