නිදහස් චතුරශ්‍රයේ මියගොස් තිබෙන්නේ රජීව් ජයවීර

කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී අද(12)පොලිස් පරීක්ෂණ වලට අනුව වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගෙන සිටියදී සොයා ගනු ලැබූ 64 හැවිරිදි පුද්ගලයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලද ලිපිය පොලිසිය විසින් සොයා ගෙන තිබේ. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබෙන බව වාර්තාවේ.

මෙම හමුවී ඇති ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවටයි ඔහු එම ලිපියේ සඳහන් කර ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ රජීව් ජයවීර නම් වන අයෙක් වන අතර ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු කළමණාකරුවෙක් මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළ අයෙක් වනවා.

කෙසේ වුවත් මෙම ලිපියේ අඩංගු කරුණු සහ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පවසයි.

මෙම වෙඩි වැදී මියගිය රජිව් ජයවීර පුවත සැලවීමත් සමඟ මුහුණුපොතේ සටහන් වූ අදහස් කිහිපයක් පහත පළවේ.
නයන සංජීව –
ඊයේ දවසේ නිදහස් චතුරශ්‍රය අවට CCTV කැමරා OFF වෙලා නමි නිදහස් මාධ්‍යවෙිදියෙකු වෙචිච රජිවි ජයවිර මහත්තයා ඝාතනය කරලා නැහැ අනිවාර්යෙන් සියදිවි නසාගෙන.

උදානි බණ්ඩාර –
සියදිවි නසා ගැනීමට පෙර නිදහස් තැනකට යන්න
දැනුමට

රන්දික ද සිල්වා –
අයිඩින්ටිය සාක්කුවට දාගෙන මතක ඇතුව ලියුමකුත් ලියන්න. ආ..අමතක වුනා. පිස්තෝලයක් එහෙම පාවිච්චි කරනව නම් පොඩි පටියකින් ඒක කරේ දාගන්න…

අජිත් පැරකුම් ජයසිංහ-

නිදහස්
චතුරස්‍රයේ
මරණය

මරණයේ
චතුරස්‍රයේ
නිදහස

සුජිත් අන්නමලේ –
නිදහස් චතුරස්‍රයේ ආදරය කරන්න නිදහසක් නොදීපු යුගයක් තිබුන රටේ, නිදහස් චතුරස්‍රයේ තමුන්ගේ කැමැත්ත පරිදි නිදහසේ ජීවිතෙන් සමුගන්න ඉඩ තියෙන යුගයක් තියෙනව කියන්නෙ රට මොන තරම් ඉස්සරහට ඇවිල්ලද…

තුෂාර වීරරත්න-

ඊයේ -සුනිල්
අද -රජීව
හෙට -???

රජිත් කීර්ති තෙන්නකෝන්-

නිදහස් චතුරඝ්‍රයේ හම්බවුණ මිනිය — රජීව් ජයවීර කියන්නේ ඉතා සංවේදී කාරණා ගැන ලිපි ලියූ අයෙක් විතරක් නොවෙයි. එයාගේ මිහින් ලංකා – එයාර් ලංකා රස්සාව විතරයක් නෙවෙයි ඔහු හිටපු වෘත්තීය තානාපති ස්ටැන්ලි ජයවීර ගේ පුතා. රාජ්‍ය සේවයේ ඉහළිමන්ම නම කියවුණු නෙවිල් ජයවීරගේ ඥාති පුත්‍රයා (සහෝදරයාගේ පුතා). සංජීව ජයවීර ගේ සහෝදරයා. රටම දන්නා මේ මනුස්සයා ‘නාදුණන‘ වුන හැටි ෂෝක්

මංජුල කොඩිකාර –

දැන් ඔන්න රට යලිත් හරි පාරට එම්න් තියනවා හෙට අපි කොතනක හරි මරල දාල තිබුනත් ඔයාල මීක් කියලවත් කියන්න එපා

සනත් බාලසුරිය –

පරණ එක
“ආයුද පෙන්නන්නට යාම”
අලුත්ම අලුත් එක
“ලියුමක් ලියා, පිස්තෝලය බෙල්ලේ එල්ලාගෙන දිවිනහගැනීම?”

සමන් ආර්. සිල්වා-

රජීව් වගේ මධ්‍යම පාන්තිකයන්, විෂාදයට මනෝ වෛද්‍ය උපදෙස් නොගෙන සිය දිවි නසා ගන්නවා. අපේ රටේ මානසික උපදේශනය හරිම දුර්වලයි.

නිමේෂ් රාවණගේ –
දොස්තරලා තුවක්කු අරන් සල්ලි මංකොල්ලා කනවා, මහපාරේ මිනිස්සු ගහලා මරණවා, මිනිස්සු වෙඩි තියන් මැරෙනවා..

අනුරුද්ධ ලොකුහපුආරච්චි-

” ඔබට සිය දිවි නසා ගැනීමට අවශ්‍යද ? එසේ නම් ඔබේ වාහනය ලීසිං කරන්න. ඔබ එය කරන්නේ වෙඩි තබා ගැනීමෙන් නම් කරුණාකර මරණ සහතිකය ඉල්ලා ගෙන යන්න අමතක නොකරන්න. එය ලියුමකට වැඩිය අපට පහසුවකි.” ශ්‍රී ලංකා පොලීසිය

ගංගා ජයසිංහ –
ඇත්ත ලියපු ඔක්කොම මිනිස්සු න් ගේ මරණ සහතික යේ ලිය උනේ බොරු හේතුවක්. සුභ ගමන් මහත්මයාණෙනි

Leave A Reply

Your email address will not be published.

9 + seven =